ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කළ අනුරාධපුර දිස්ත්‍රික පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට පැමිණිමට තිරණය කර තිබෙනවා.

එ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සංධානයේ ජයග්‍රහනය වෙනුවෙන් ක්‍රියා කිරිමට සුදානමින් සිටිනවා.

විමල් විරවංස මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායකයා වන්නේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක මහතායි.

මේ මොහොතේ මෛත්‍රී පිල සමඟ එක්විය යුත්තේ ඇයි ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කරමින් සහ පිටු අටකින් යුත් නිවේදනයක් ද මාධ්‍ය වෙත නිවේදනයක් ද ඔහු විසින් නිකුත් කර තිබෙනවා.

එකාබද්ධ විකපක්ෂය නියෝජනය කළ සහ විමල් විවංශ මහතාගේ පක්ෂයේ සාමාජිකයින් ගණනවක් මේ වන වටි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එක්වි තිබෙනවා. ඒ ඉදිරි පළාත් පාලන ඡන්දයේදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ සංධානයට ජයග්‍රාහනය ලබාදිමේ අරමුණින් බවයි පැවසෙන්නේ…

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීර කුමාර දිසානායක මහතා අද දිනයේ විශේස මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කලේ තම පක්ෂ නායකයා දේශපාලන නපුන්සක භාවයෙන් කටයුතු කරන අතර. 2020 වසරේ රනිල් වික්‍රම සිංහ මහතා ජනාධිපති කරවීමේ න්‍යාය පත්‍රයක ඔවුන් නියැලී සිටින බව හෙළි කරනු ලැබුවා. ඔහු තම පක්ෂ නායකයා නිර්ධය ලෙස විවේචනය කල අතර ඉදිරි දේශපාලන ක්‍රියාදාමය පිළිබඳවද හෙළිදරව්වක් කළා.

ඔහුගේ විශේෂ ප්‍රකාශය පහලින් නරඹන්න….

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here