බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්වයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩාය අද (15 වැනිදා) ඩකා නුවර ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව සිය සංචාරයේ විස්සයි20 පළමු තරගයට සහභාගීවේ.මෙම තරගය අරම්භවන්නේ ලංකාවේ වෙලාවෙන් සවස 4.30 වේ.

බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සමග පැවැති තුන්කොන් එක්දින තරගාවලිය මෙන්ම බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියද ජයගත් ශ්‍රී ලංකාව, මේ වන විට විස්සයි20 තරගාවලියද ජයගනිමින් පූර්ණ තරග මාලා ජයක් අත්කර ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවේ.

අද තරගෙයේ සුදූආනම ගැන කුසල් මෙන්ඩිස් හෙලිකල කරුනු පහතින් නරඹන්න.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here