ඉදිරියේදී ලංකාවේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේදී අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් දඩුවම් පාලනය කිරීමට උත්සාහ නොකරන ලෙස ලංකාවේ මානවහිමිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතනවලින් කරුණාවෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

දැනට ලැබී ඇති වාර්තා අනුව ඉදිරි මාසයක් දෙකක් ඇතුළදී ලංකාවේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සිදු කරන බවත් කුමන බාධක පැමිණියත් එය සිදු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම විනයක් ඇති රටක් නිර්මාණය කිරීම සඳහා සහය වන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

බරපතල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තා පිළිබඳ අදහස් දැක්වීමට අද(06) ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී මෙම විශේෂ ප්‍රකාශය නිකුත් කළේය.

අපරාධකරුවන්ට දඬුවම් දීමේදී මානව හිමිකම් ඉදිරියට දමා ඒවාට අකුල් නොහෙළන ලෙස ඒ සම්බන්ධයෙන් කථාකරන රටවලින් තමා ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළ කතාව.

‘එස් ටී එෆ් ප්‍රධානියාගෙන් අහනවා මොන හේතුවක් මතද කාගේ නියෝගයක් මතද කුමන කාරණයක් සඳහාද අගුණුකොලපැලැස්සට එස් ටී එෆ් එක දාන්නේ කියලා.එතකොට එතන්දී මානව හිමිකම් කොමිසන් සංවිධානය පෙනී සිටින්නේ කවුරු වෙනුවෙන්ද ? විශේෂ පොලිස් කාර්ය බලකාය අවංකව වැඩ කරන දක්ෂ පිරිසක් ඒ නිසා තමයි එහි ප්‍රධානියාට අපි ඇමැති මණ්ඩලය ඒකමතිකව මම ඉතාම සතුටු වෙනවා ලතිෆ් මහත්තයාට අවුරුද්දක කාලයක් දික් කරාම මුළු ඇමැති මණ්ඩලය එක හඬින් කිව්වා ඒක ඉතාම හොඳ තීරණයක් කියලා.

ඒ නිසා මේ රටේ විශේෂයෙන්ම කෙරෙන මත්ද්‍රව්‍ය ඒ වගේම පාතාලය මර්දනය කිරීමේදී රජය ඒකාබද්ධව අදාල අමාත්‍යාංශ එක්ව කරන කටයුත්තේදී අපිට විශාල සහයෝගයක් ඒ ආයතන වල තියෙනවා. නමුත් මානව හිමිකම් සභාව අහනවා ඇයි මේකට එස්.ටී.එෆ් දැම්මේ කියලා.ලොකු ප්‍රශ්න පත්‍රයක් එස්.ටී.එෆ් එකට එවලා තියෙනවා. එගොල්ලන්ගෙන් උත්තර ඉල්ලලා. මේ පැත්තට අගුණකොලපැලැස්සට ගෙනයෑම පිළිබඳව. මේ විදිහට තමා තියෙන්නේ
අපේ ත්‍රිවිධ හමුදාව අපේ පොලිසිය විදේශීය පුහුණුවීම් එක්සත් ජාතීන්ගේ සංවිධානය සාම සාධක හමුදාවට යැවීම් සියල්ල ප්‍රමාද කරනවා. අපේ මානව හිමිකම් කොමිසන් සභාව ගැන මම හරිම කණගාටු වෙනවා .

දැන් ඊයේ භූමදානය කළ රණවිරුවන් දෙදෙනා මාලි වල රාජකාරි වලට ගිහිල්ලා එක්සත් ජතීන්ගේ සාම සාධක හමුදාවේ ඒ දෙදෙනා ලංකාවට එන්න හිටියේ මීට මාස හයකට කලින් ඒ අපේ කණ්ඩායම් මාරු කිරීම කරන්න දෙන්නේ නැහැ අපේ සියලු දෙනාගේ තොරතුරු හොයලා මේ අය මේ අය මෙහෙමයි.

මේ අය යවන්න බැහැ මේ විදිහයි කියලා අපේ මානව හිමිකම් කොමිෂන් සභාව තමයි අපිට කරදර කරන්නේ මානව හිමිකම් කොමිෂන් සභාව ඒ කරදරය නොකළා නම් මං පැහැදිළිව දන්නවා. ඔය මරණයට පත් වෙච්ච සාම සාධක හමුදා වල මේජර්වරයා පොලොන්නරුවේ ඊළඟට කුරුණැගල ඒ සොල්දාදුවා කිසිසේත් මරණයට පත් වන්නේ නැහැ. ඒ හුවාමාරු වැඩසටහන හරියට කර ගන්න තිබුණනම්.

නමුත් මෙවැනි තත්ත්වයක් මේ පසුබිම් වල තිබෙනවා.ඒ නිසා මම කියන්නට ඕන මේ මරණීය දණ්ඩනය නියම කිරීමේදී මේ රටේ මානව හිමිකම් සංවිධාන මානව හිමිකම් කොමිසම් මේ සියල්ලම ලෝකයේ අනිත් ප්‍රබල රාජ්‍ය වල මේක ක්‍රියාත්මක වෙනවා.

අපි වගේ පුංචි මිනිස්සුට තමා නීති රිති ඔක්කොම දාලා තර්ජනය කරන්නේ .ඒක නිසා අපේ රට හදාගන්න විනයක් ඇති රටක් හදන්න හොද රටක් හදන්න මානව හිමිකම් සංවිධාන කරුණාකරලා අපරාධකරුවන්ට මේ බරපතල වැරදි කරන අයට දෙන දඬුවම් පාලනය කරන්න සීමා කරන්න ඒවාට මානව හිමිකම් ඉස්සරහට දාන්න එපා කියන ඉල්ලීම මම විශේෂයෙන්ම මේ සියලු දෙනාගෙන්ම කරනවා.

ඒ වගේම තුන්වැනි කාරණය තමා අද අධිකරණ අමාත්‍යාංශය යටතේ මේ කෙරෙන සාකච්ඡාවක් නිසා මං කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නට ඕන.

අපේ විනිශ්චය කාරවරුන්ට උසස් වීම් දීමේදී ඇතිවෙලා තිබෙන තත්ත්වය.ව්‍යවස්ථා සභාව තමයි මම එවන නම් අනුමත කරන්නේ මම ඒ නම් එවන්නේ අග්‍රවිනිශ්චයකාරතුමා මට එවන නම් මේ රටේ කිසිම දවසක ඇති නොවුන තත්ත්වයක් අද ඇතිවෙලා තියෙනවා .

මේ වන විට විනිශ්චයකාරවරුන් දොළහක් ප්‍රතික්ශේප කරලා තියෙනවා ව්‍යවස්ථා සභාව.ඒ ප්‍රතික්ෂේප කළේ ඇයි කියන කාරණාව මට දන්වලත් නෑ ඒ විනිශ්චයකාරවරුන්ට දන්වලත් නෑ මේ තුළ මේ රටේ අධිකරණ ක්ශ්‍රේත්‍රයේ ප්‍රාතමික අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය දිසා අධිකරණය මහාධිකරණ ඒ විනිසුරුවරුන් අද අපේක්ෂා භංගත්වයට පත් වෙලා තියෙනවා ඔවුන් කොතෙක් අවංකව සේවය කළත් ඔවුන්ගේ උසස් වීම් වලදී කිසිදු හේතුවක් කාරණයක් නොදක්වා ඒ උසස්වීම් ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ගේ දැඩි කනස්සල්ලට පත් වෙලා තියෙනවා .

යම් විනිශ්චකාර තනතුරක සිටින පුද්ගලයෙක් එම උසස් වීම සඳහා ඔහු සුදුසුනම් ජ්‍යෙෂ්ඨත්වට සලක්නේ නැත්නම් මම කණගාටු වෙනවා ගරු කතානායක තුමා මෙතන් අද නැහැ. මේ සිද්ධිය පිළිබඳ මම කරපු ප්‍රකාශ සම්බන්ධයෙන් ගරු කතානායක කරු ජයසූරිය මැතිතුමා මට පිටු හතරක ලිපියක් එවල තිබුණා. ඒ ලිපියේ සඳහන් වෙලා තියෙනවා .

විනිශ්චයකාරවරුන්ට උසස්වීම් දීමේදී ජ්‍යෙෂ්ඨත්වය කිසිසේත් සලක්නේ නැහැ. කියලා කුසලතා දක්ෂතා හැකියාවන් සලකලා තමයි ව්‍යවස්ථා සභාව උසස්වීම් දෙන්නේ කියලා ඒ කුසලතා දක්ෂතා හැකියාවන් තීරණය කරන්න ව්‍යවස්ථාසභාව මොන මග පෙන්වීම් තුළද ව්‍යවස්ථාසභාව විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ ස්වාධීන කොමිසන් සභා ඉතාම හොද දෙයක් මේවා ඉතාම හොද දෙවල් නමුත් මේවා පිහිටෙව්වට පස්සේ 19 වැනි සංශෝධනයෙන් ඒවායේ තිබෙන ප්‍රතිපතිමය කරුණු ඒවායේ සීමාවන් අවශ්‍ය මග පෙන්වීම් ඊය අදාල කරුණු සම්බන්ධයෙන් රෙගුලාසි කිසිවක් සම්මත කරලා නැහැ

ඒ නිසා කිසිම සීමාවක් නැති අකාරයට තමයි මේ ආයතන වල කටයුතු සිදුවන්නේ ඒ නිසා මං මේ ගරු සභාවෙත් මැති ඇමැතිවරුන්ගෙන් කතානායකතුමාගෙන් ඉතාම ගෞරවයෙන් අවදානයට යොමු කරනවා විනිශ්චකාරවරුන්ට උසස් වීම් දීමේදී ඒ සාධාරණත්වය අතීතයේ යම් යම් නඩු තීන්දු දීම පිළිබඳව මට ආරංචි විදිහට චෝදනා කරමින් ඒ නිසා මේ අය උසස් වීම් වලට නොසුදුසුයි කියන මතයක් තුළ විනිශ්චකාරවරුන්ගේ උසස්වීම් ලබා නොදෙනවානම් එය මේ රටේ අධිකරණ ක්ශ්‍රේත්‍රයේ බරපතල ඛේදවාචකයක් බවට පත් වේවි කියා මා විශ්වාස කරන්නේ.

ඒ නිසා රටම බලාපොරොත්තු වන අන්තර්ජාතික වශයෙන් බලාපොරොත්තු වන අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය ඉතාම වැදගත් වූ එය ආරක්ෂා කිරීමට නම් විනිශ්චකාරවරුන්ට උසස් වීම් දීමේදී ව්‍යවස්ථා සභාවත් අග්‍රවිනිශ්චකාරවරයාගේ කාර්යයත් පැහැදිලි ලෙසම ඉටුවීමේදී ඒ සාධාරණත්වය අපි බලාපොරොත්තු වෙනවා යම් කිසි කෙනෙක් සුදුසු නෑ කිනවානම් අග්‍රවිනිශ්චකාරතුමා හෝ අපිට දන්වන්න ඕන මෙයා මේ තනතුරට සුදුසු නෑ.

මෙයාට විනය පරීක්ෂණයක් තියෙනවා මෙයා ක්‍රියාශිලී නෑ වගකීම් රජකාරී ඉටු කෙරුවේ නෑ කියන එක ලිඛිතව දන්නන්න වෙනවා එහෙම දන්වීමක් නොකිරීම නිසා එ සියලු දෙනා මාව තමා අල්ල ගන්නේ මොකද මාව මහ පාරෙදිත් අල්ල ගන්න පුළුවන් අග්‍රවිනිශ්චකාරතුමා ගාවට ඒ ගොල්ලන්ට යන්න බැහැ ව්‍යවස්ථා සභාවට ඒගොල්ලන්ට එන්න බැහැ මේ නම් ප්‍රතික්ෂේප වන අයට මාව හම්බවෙන්න පුළුවන් .

ඒනිසා මාව හමුවෙලා බොහෝ දුක් ගැනවිලි මේ අය කියනවා . මේ ගොල්ලෝ අභියාචනා ඉදිරිපත් කරනවා වරින් වර ඒ නිසා සමහර අයගේ නම් මම දෙසරේ තුන්සැරේ ව්‍යවස්ථා සභාවට එවලා තියෙනවා.ඒ එවන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි මගේ පුද්ගලික හේතු කාරණා නිසා නෙවෙයි තමන් ට ඇති වෙච්ච ප්‍රශ්නය පිළිබඳ දුක් ගැනවිල්ලේදී මට අභියාචනා ඉදිරිපත් කරන අයගේ නම් තමා මට කළ හැකි එකම දේ ගැන මම කියනවා මම මේ නම නැවත යවන්නම් බලන්න කියලා.නමුත් මේක පැහැදිලිය විසඳාගත යුතු දෙයක් ඒ ගැනත් මම එච්චරයි මම කියන්න බලාපොරෙත්තු වෙන්නේ.

මම දැන් මේ ආවට පස්සේ ඒ මෙතව වෙච්ච සකච්ඡාවකදී මා හිතවත් රිෂාඩ් බදුයුදීන් ඇමැතිතුමා කිව්වා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් වැරදි කරුවන් ඉන්නවනම් අල්ලගන්න ජනාධිපතිතුමාට පුළුවන් පොලිසියත් එතුමාගේ බාරයේනේ තියෙන්නේ කියලා.
ඇත්තටම මාවත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාමත්ම හොදින් ඒ පරීක්ෂණ කටයුතු කරනවා.
මේ වන විට මම පොලිසිය භාර ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් මාස දෙකක පමණ කාලයක් තුළ ඒ පරීක්ෂණ කටයුතු ඉක්මන් වෙලා තියෙනවා ඒ පරීක්ෂණ කටයුතු අවසන් වෙලා අවසානයේ වු‍නේ මගෙන් ප්‍රකාශයක් ගැනීම පමණයි දැන් දවස් හතරකට කලින් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගේන් ප්‍රකාශයක් ගත්තා.
මම හිතනවා සති දෙකක් ඇතුළත වගේ රටටම දැනගන්න පුළුවන් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාල වාර්තාව‘ යනුවෙන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here