අරණායක විපතට පත් ජනතාවගේ ගැටලූ සාකච්ඡා කිරීම  සඳහා ඊයේ (16) අරණායක ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට පැමි‚  ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිසට හූ සංග්‍රහයක් ලැබුණ බව වාර්තා වෙනවා.

එසේම සබරගමු පළාත් මහ ඇමැති මහීපාල හේරත්, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඇමැති  කබිර් හෂීම් සහ හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති ලලිත් දිසානායක යන අයද ඔහු සමග සිටි අතර ඔවුන්ටද  ප්‍රදේශයේ ජනතාවගේ දැඩි විරෝධය එල්ල විය.

විපතට පත් ජනතාවට සහන සැලසීමට පියවර නොගෙන සාකච්ඡා පමණක් කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැති බැවින් පවතින ගැටලූවලට කඩිනම් විසඳුම් දෙන ලෙසත්, තමන්ටත් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වන්නට ඉඩ දෙන්නැයි පවසමින් උද්ඝෝෂකයින් මාර්ගය වසා දමමින් උද්ඝෝෂණයේ නිරත වූ අතර ජනතා  විරෝධය හේතුවෙන් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වීමද පැයක පමණ ප්‍රමාදයක් සිදුවිය.

ඔවුන්ගේ එකම ඉල්ලීම වූයේ සාකච්ඡා තමන්ට අදාළ නොමැති නිසා අවතැන්වී සිටින ජනතාවට තාවකාලික පැලැස්තර නොඅලවා ස්ථීර විසඳුම් ලබා දෙන ලෙසයි.

උද්ඝෝෂකයින්ගේ “හූ” හඩ මධ්‍යයේ අමාත්‍යවරුන් පිරිස පිටත්ව ගිය අතර ජනතාවගේ දැඩි අප්‍රසාදය පළවිය. මේ උද්ඝෝෂණය සඳහා අරණායක විපතට පත් පවුල් 200ක් පමණ සහභාගි වී සිටි අතර විපතට පත්වූවන්ගේ ජනතා එකතුව මෙය සංවිධාන කර තිබු‚.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here