ඉන්දියාවේ තරුණයෙකු අයිෂ්වර්යා රායි තම මව බව පවසමින් අන්තර්ජාලයට එක්කල ඡායාරූප පෙළක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමත් සමඟ ජනප්‍රිය නිළි අයිෂ්වර්යා රායි පිළිබඳ ආන්දෝලනාත්මක කතා බහක් නිර්මාණය වී තිබෙනවා.

සංගීත් කුමාර් නමැති ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ ජීවත් වන මෙම තරුණයා  පවසන ආකාරයට අයිෂ්වර්යා රායි විසින්  වයස අවුරුදු 14 දි ඔහු මෙලොවට බිහි කර තිබෙනවා. ඒ 1988 වසරේදී එංගලන්තයේ දී බවයි සඳහන් වෙන්නේ.

මේ වන විට අයිෂ්වර්යා රායි  44 වන වියේ පසුවන අතර සංගීත් කුමාර් නැමැති මෙම පුද්ගලයාගේ වයස අවුරුදු 30 ක් වනවා. අයිෂ්වර්යා රායි විසින් වයස අවුරු 14 දී තමන් බිහිකිල බවට සංගීත් කල ප්‍රකාශයත්, දෙදෙනා අතර ඇති වයස් පරතරය වසර 14 ක් වීමත් මෙහිදී විශේෂත්වයක් ගනු ලබනවා.

මෙම කරුණු පිළිබඳව සනාථ කිරීමට තිබූ සියළු ලියකියවිලි ඥාතින් විසින් විනාශ කළ බව පවසන සංගීත් කුමාර් පවසන්නේ තමන්ට අයිෂ්වර්යා සමඟ ජිවත් වීමට අවශ්‍ය බවයි.

නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ  මෙම තරුණයා පිළිබඳව කිසිඳු විශ්වාසයක් තැබීමට නොහැකි බවයි.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here