බැඳුම්කර වංචාවට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින  පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සතු මත්පැන් නිෂ්පාදන ආයතනයක් වන ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ නිෂ්පාදන කටයුතු  අත්හිටුවා තිබෙනවා.

නියමිත කාලසීමාවේ බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මෙලෙස නිෂ්පාදන කටයුතු අත්හිටුවා දැමීමට තීරණය කල බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ හේතුවෙන් තාවකාලික පදනම යටතේ එම ආයතනයේ සේවය කල සේවකයින් රැසකගේ රැකියා අහිමි වී ඇති බව සඳහන් වන අතර මේ වන විට නිෂ්පාදනය කළ නිෂ්පාදන, තොග බෙදාහැරීමේ කටයුතු සහ කාර්යාල කටයුතු පමණක් සිදුවන බවද දැනගන්නට ලැබෙනවා.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here