පළාත් පාලන මැතිවරණය ප්‍රකාශ කළ පසු නව පක්ෂය පිහිටුවන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ආණ්ඩු විරෝධී ජාතික බලවේගයක් බිහිකිරීම සඳහා මේ වන විටත් සියලු කටයුතු සැලසුම් කර ඇති බවත් ජනතාව පෙලගැසීමේ ආරම්භය ඇහැලියගොඩින් 08 වැනිදා ආරම්භ කරන බවත් ගමේ සිටින සාමාජිකයාගේ සිට නව පක්ෂය ගොඩනගන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ඊයේ (25) රත්නපුර – නිවිතිගල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

“නව දේශපාලන පක්ෂයක් අවශ්‍ය බව ජනතාව කියනවා. ඒ අනුව නව දේශපාලන පක්ෂයක් බිහිකරනවා. සමහරු අහනව කවදද ඒක කරන්නේ කියල.ඒ දිනය කාටවත් කියන්න ඕනැ නැහැ. හැබැයි යහපාලන ආණ්ඩුව කරන වැඩ වලින් ඒ දවස ඉක්මන් කරනවා“ යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here