ප්‍රේමය ලොව හැම තැනම ඇතී..හැම දෙනටම හමු වෙලා ඇතී.. එනමුදු ප්‍රේමය කිමැයි කියා.. හදුනාගත් කිසි කෙනෙකු නැතී…😑☝️
ජීවිතේ අපි ආදරය කරලා සහකාරියක් තෝරා ගනිද්දි ඒ තීරණය , තීන්දුව හැගීම් වලට වහල් වෙලා හදිසියේ අරගත්තොත් මුලු ඉදිරි අනාගතයම ගැටලු කාරීව ගෙවන්න වෙයි. විශේෂයෙන් පහත ගති ලක්ශණ ඔබේ පෙම්වතිය පෙන්වයිනම් දැන්ම කරුණු කාරණා පහදා හදාගන්න උත්සාහ කරන්න. එසේ නොහැකි වුවහොත් වහාම සම්බන්ධය නවතා දමන්න* (තීරණය ඔබ සතුයි)

1. අම්මව දිරවන්නෙ නැති කෑල්ල.
මේ තමයි දරුණුම කොට්ටාසෙ.පිරිමි අපි වගේ නෙවෙයි සහෝ ගෑණු. බහුතරයක් ගෑණු ඊර්ෂ්‍යාව උපතින් අරං එනවා. ඊර්ෂ්‍යා කල යුත්තේ නොකල යුත්තේ කාටද යන්න තෝරා ගන්නවත් සමහරුන්ට බෑ. විශේෂයෙන් කෙල්ල උඹේ අම්මා ගැන ඊරිසියයි නම් ඒකි හරියන්නෙ නෑ උඹට. මේක හොයාගන්න හරි ලේසියි. කෙල්ල එක්ක ඉන්නකොට අම්මා කෝල් කරන වෙලාවක අම්මා එක්ක ටිකක් බොරුවට වැඩියෙන් හුරතල් වෙයන්, අම්මට මං එද්දි මොනාහරි කන්න ශෝට් ඊට්ස් එකක් ගේන්නම් කියපං, බලපං ඒ වෙලාවට කෙල්ලගෙ රිඇක්ශන් එක. හොදට අද්‍යනය කරපං. සාමාන්‍යයෙන් ඕනම කෙල්ලෙක් ටිකක් ජැලස් මේ වැඩේදි. හැබැයි නියම මාතෘ භාරිය නම් එහෙම නෑ.. උඹ ගැන සතුටු වෙයි.
” ඔයා මොකටද අම්මා එක්ක ඔච්චර හුරතල් වෙන්නෙ ” ඔන්න ඔය වගේ සීන් අහන එකක් වුනොත් මොන තරම් උගත් වුනත්, ලස්සන උනත් අතෑරපං. නැත්තම් ඒකි උඹට වහක් වෙනවාමයි දවසක. පුතෙක්ගෙයි අම්මගෙයි අතර තියන ආදරය තේරුම් ගන්න බැරි පෙම්වතියක් වැඩක් නෑ.. ☝️
———————————————————–
2. දත පන්නන කෑල්ල.
මේකත් තවත් දරුණු ගනයේ ටයිප් එකක්. හැබැයි සල්ලි ටිකක් යහමෙන් තියන කොල්ලෙක්ට ෆංකි ලයිෆ් එකක් දුවන්න, රූමක් ඇදගන්න අමාරු නෑ.. ඒත් බදින්න ගැලපෙන්නෙ නෑ.. මේ වගේ කෙල්ලො ගොඩක් ආසයි ඇවිදින්න. ඒකත් ආදරය විදින්න බීච් එකට නැත්තම් පාක් එකකට නෙවෙයි. උන්ට ඕනෙ ලක්සරි ජොගින් දාන්න. Mc යන්න, McDonalds,Pizza hut යන්න, වගේ ලොකු ගනන් අච්චු වෙන ගමන් බිමන් යන්න. කෙල්ලව ඇවිද්දවලා දෙයක් අරං දෙන්න ඕනෙ. කුණෙක් වෙන්න අවශ්‍ය නෑ.. ඒත් හෙමින් කල්පණා කරලා බලපං ඒකි මාසෙට උඹට කීයක් අච්චු කරනවද කියලා. පොඩි කඩේකට රෙදි අරං දෙන්න යද්දි ඔඩෙල් , නෝ ලිමිට් යන්න ඕනෙ කියනවද කියලා. ලවෙන් නෙවෙයි මොලෙන් හිතපං. විශේෂයෙන් මෙතෙන්දි උඹේ අදායම් තත්වය ගැන හිතපං. උඹ හොද ස්තීර ඇවරේජ් ආදයමක් තියන කොල්ලෙක් නම් කෙල්ලට එහෙම වියදම් කරපං අවුලක් නෑ. ඒත් උඹ අමාරුවෙන් ඉගෙනගෙන අමරුවෙන් ජොබක් කරං ඉන්න සාමාන්‍ය කොල්ලෙක් නම් කෙල්ල උඹේ පොකෙට් එකට විදිනවා කියන්නෙ ඛේදවාචකයක්. ඇත්තටම ආදරය කරන කෙල්ලෙක් කොල්ලෙක්ට අනවශ්‍ය විදියට වියදම් කරන්න දෙන්නෙ නෑ.. ඒකි දන්නවා අනාගතයෙ උඹලට ගොඩක් සල්ලි ඕනෙ කියලා. ඒකි උඹට ඉතිරි කිරීම කියලා දේවි. රස්තියාදු ගහන්න එපා කියාවි. අනවශ්‍ය වියදම් කපන හැටි කියාවි. අන්න එහෙමයි දත් කෑල්ල අදුනගන්නෙ. විශේෂයෙන් මේ වගේ එකක් කරගහ හත්තොත් සල්ලි තිබ්බොත් හොදයි. ජීවිතේ අමාරු කාලයක් ආවොත් උන් ඉන්නෙ නෑ.. ජීවිතේට මෙයාලට රයිස් ඇන්ඩ් කරි කන්න කට ඇරෙන්නෙ නෑ කඩේකට ගිහිං හොයන්නෙම ෆ්‍රයිඩ් රයිස්. බොහෝ උසස් සල්ලිකාර කෙල්ලොන්ට මේ ලෙඩේ නෑ. මොකද උන් සල්ලි දැකලා, සැප විදලා තියනවා. ගොඩක් ලුකින් පොශ් middle class උන්ට තමයි මේ සික් එක තියෙන්නෙ.
——————————————————–
3.මම අවංකයි අයියෙ( බබා පාට් නංගි)
මෙන්න ඊලඟ එක. මෙයාලා මුලින් මුලින් ගොඩාක් ලොකු සීන් දෙනවා. පස්සෙ නිකම්ම වගේ යාලු වෙනවා. දවසකින් දෙකකින් උපරිමේ සතියක් ලයින් කලාම ඇති. පුදුමයි නේ. නෑ බං බස් එකක යද්දි චිට් එකක නම්බරේ දීලත් මේ ටයිප් එක අල්ලන්න පුලුවන්. හවසම කෝල් බැක් කරයි. 😝
ඉතිං අවංක නංගි ටික දවසකින් ලොකූ කතාවක් කියයි උඹට. ඒ අතර හරි සංවේදී කතාන්දරයක් තියේවි. සමහර විට උඹ දන්නම හොදම යාලුවෙක්ටත් දෙහි කපයි. බලද්දි ඌ එක්කත් කෙල්ල යාලු වෙලා ඉදලා. ඌ අනවශ්‍ය යෝජනාවක් කල නිසා එයා සම්බන්ධය නවත්තලා. ඇයි අපේ නංගි ඉතිං අවංකයි නෙ මචං 😉
හැබැයි උඹට ඒ නංගි හරි ආදරෙයි. ඕන තැනක යන්න එහෙම එයි. ක්ලාස් කට් කරලා එහෙම. ඒ ඉතිං ආදරේට. එක සැරේටම දවසක් දෙකක් කතා නොකර හිටියම බය වෙන්න එපා. ඒ ඒකිගෙ ෆෝන් එක ගෙදරට අහුවෙලා නෙවෙයි ෆෝන් එක කැඩිලා, ඔන්ලයින් ඇවිත් නැත්තෙ ඩේටා දාගන්න ගෙදරින් සල්ලි දීලා නෑ. ඉතිං කාඩ් එහෙම දාලා දෙන්න ඕනෙ උඹ. ෆෝන් එකක් අරං දුන්නොත් තව හොදයි. ඉතිං අවංක නංගි කලින් කොල්ලො ගැනත් කියාවි. පිරිමි සංහතිය ගැනම කලකිරෙනෝ කියලා උඹට දෙයියෙක් කියලා කියාවි. පස්සෙ උඹටම ආරංචි වෙයි නංගිගෙ කැරට්ටුව. මොනාවුණත් යාලුවො ඉරිසියාවට කියන කතා කියලා හිත හදාගෙන දිගටම අහුවෙයං. දන්නෙම නැතුව ඒකි උඹවත් අර අමණ ලිස්ට් එකට ඇඩ් කරලා තව එකෙක් එක්ක සෙට් වෙයි. මේ වගේ උන්ට යන යන තැන කොල්ලෙක් ඉන්නවා. අදුනගන්න ලේසිම විදිය තමයි, කෙල්ල ගොඩක් ලස්සනයි හිතාගන්න බැරි තරම් ඉක්මනින් ඉක්මන් සෙට් වෙනවා. සේරම ටික කියනවා. අවංකවම 😂🔫
————————————————————
4. ලෝන් ඉල්ලන කෑල්ල.
බදින්නත් කලින් අතමාරු ඉල්ලනවනම් පොඩ්ඩක් කල්පනාවෙන්, විශේෂයෙන් කෙල්ලගෙ අම්මා. ඒත් එක්කම හදීසිම වෙලාවක එහෙම සල්ලි දුන්නට කමක් නෑ තමන්ගෙ කෙල්ලනෙ වෙන කාගෙන් ඉල්ලන්නද?
ඒත් ඒ ගන්න සල්ලි වෙලාවට පියවන්නෙ නැත්නම්, බැරියර් තියනවානම් (ගානක් අඩුවෙන් පියවීම) ඔන්න බලාගෙන. ඒ වගේම පුංචි අම්මට, බාප්පට කුඩම්මට කියලා නිතර මෙහෙම ලෝන් ඉල්ලනවනම් ඒක මරාලයක්
————————————————————
5.නිතර අනවශ්‍ය ලෙස සැක කරන කෙනෙක් නම්,

සැකය තමයි ආදරයට තියන ලොකුම හෙණය. ඇත්තටම අවංක ආදරය එක්ක සැකය කියන දේ සොභාවිකව මතු වෙන දෙයක්. තමන්ගෙ කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක අනවශ්‍ය විදියට කතාබහකරනවට වත් කෙල්ලෙල් කැමති නෑ. ගොඩක් අය එහම තියා පිට කෙල්ලෙක්ගෙ හොදක් අපි එයාලා එක්ක කියනවටත් අකමැතියි. පව් ඒ ගොඩක් ආදරය හොයන කෙල්ලන්ගෙ හැටියක්. එහෙම කෙල්ලෙක්‍ට වංචාවක් කරන්න එපා. පව්. ඒ වගේම තමයි සමහර අය ඉන්නවා සැකය උඩු දුවපු. ඒ ටයිප් එක නම් පට්ට ඩේන්ජරස්. ආදරේ නාමයෙන් මොන හෙණයක් කරයිද කියන්න බෑ. උඹේ ෆෝන් එකට කෝල් එකක් ආවත් සැකෙන් බලනවනම්, අක්කා කතා කලත් ගෑණු කටහඩක් නේද කවුද ඒ කියලා අහනවනම්. ඔන්න මරාලයේ මූලික ලක්ශණ. මෙහම අය එක්ක පවුල් ජීවිතය ගෙවනවා කියන්නෙ එහෙම් පිටින්ම නරකාදියේ ඉන්නවා වගේ වැඩක්. ඇයි ඉතිං නැති දේවල් කියද්දි උඹටත් යකා නගිනවනෙ. ඉතිං වලි. අන්තිමේ රංඩු සරුවල් වෙලා පොලිසි උසාවි ගානෙ රස්තියාදු වෙලයි වැඩේ කෙලවර වෙන්නෙ. ඉතිං පුතේ මුලින්ම කියන්නෙ මේක මානසික රෝගී තත්වයක්. ලැජ්ජා වෙන්න එපා. සබ්බේ සත්ථා උන්මත්ථිකා කියලයි බුදු බණේ කියන්නෙ. අපි හැමෝටම මොකක් හරි පිස්සුවක් තියනවා. ඉතිං දුක් නොවී කෙල්ල එක්කං ඩොක්ටර් කෙනෙක් හමු වෙයන්, මානසික විශේෂඥ තුමෙක් නම් වඩා හොදයි. බෙහෙත් ගත්තම ඕක ඇරිලා යයි. හැබැයි උඹත් අවංකවම කරන්න ඕනෙ. හොර කොටු පැනලා කෙල්ලට පිස්සු කියන්න එපා. වරදක් නොකර උඹව බොරුවට සැක කරනවා නම් එතන අවුල්ක්. හැබැයි සමහර අයට මේක බෙහෙත් අරං දීලාවත් හොද කරන්න බෑ. ඒ වගේ උනොත් නම් කතාබහ කරලා හොදින් අයින් වෙන්න. අපරාදෙ බැදලා වෙඩින් අරං ඩිවෝස් වෙන්නෙ.
————————————–

By:N.C.ඇරෑපොල

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here