ජපානයේ සගමිහිරා ප්‍රදේශයේ ආබාධිත නිවහනක අද අලුයම් කාලයේ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

තවත් 26 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති අතර, ඉන් 20 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ටෝකියෝ නගරයට නිරිතදෙසින් පිහිටි සගමිහිරා ආබාධිත නිවාසයේ 26 හැවිරිදි පැරණි සේවකයෙකු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සදහන්.

පසුව ඔහු පොලිසියට භාර වී තිබෙනවා.

ප්‍රහාරය එල්ල වන විට ආබාධිත නිවාසයේ නේවාසිකයන් 149 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ.

2001 වසරේ අද වැනි දිනක ජපානයේ ඔසාකා නුවර දී පුද්ගලයෙකු එල්ල කළ පිහි පහරකින් ළමයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here