බංග්ලාදේශයේ ඩකා නුවරට ආසන්න ටොංගි ප්‍රදේශයේ ඇසුරුම් කර්මාන්ත ශාලාවක අද ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම තුවාල ලැබූ පිරිස 70 දක්වා ඉහළ ගොස් ඇති බවයි නවතම විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

ගින්න ඇති වන අවස්ථාවේ පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් එහි සේවය කරමින් සිටියා.

විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ බංග්ලාදේශයේ කර්මාන්ත ශාලාවල මෙවැනි අනතුරු බහුලව සිදුවන බවයි.

ආරක්ෂිත උපක්‍රම අනුගමනය කිරීමේදී පවතින දුර්වලතා ඊට හේතුව බව ද සඳහන්.

පසුගිය වසරේ ඩකා නුවර ප්ලාස්ටික් නිශ්පාදන කම්හලක ගින්නකින් 13 දෙනෙකු මරණයට පත්වුනා.

2012 වසරේදී තවත් කම්හලක ගින්නකින් සේවකයන් 112 දෙනෙකුට දිවි අහිමිවුනා.

බංග්ලාදේශයේ මෑත කාලීනව වාර්තාවු දරුණුතම ගිනි ගැනීම සිදුවුයේ 2013 වසරේදීයි.

ඇගලුම් කම්හලක ඇතිවු එම ගින්නෙන් 1135 දෙනෙකු මරණයට පත්වුනා.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here