ATM යන්ත්‍ර වලින් මුදල් වංචා කිරීමේ සිද්ධි රැසක්ම පසුගිය දින කිහිපය තුල අසන්නට ලැබුනා. විශේෂයෙන්ම කොළඹ, රාජගිරිය, කළුබෝවිල, මිරිස්ස ඇතුළු ප්‍රදේශ වල සිදුවුනු එවැනි සිදුවීම් පිළිබඳ ලැබුණු පැමිණිළි අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කළා.

එම විමර්ශන වල ප්‍රතිඵලයක් ලෙස පසුගියදා පානදුර නගරයේදී යුක්රේන ජාතිකයෙකු අත්අඩංගුවට ගත් අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද මේ සම්බන්ධයෙන් අදහස් පලකරමින් කියා සිටියේ මෙම මුදල් ජාවාරමේ නිරත වුනු ශ්‍රී ලාංකිකයින් ඇතුළු නයිජීරියා ජාතිකයින් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගත් බවයි.

මේ විදියට අපගේ ATM CARD පත්වල ඇති දත්ත සොරා ගනිමින් මෙම ජාවාරම සිදුකරගෙන යන ජාවාරම් කරුවන් භාවිතා කරන උපක්‍රම පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයේ සයිබර් අපරාධ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කසුන් ද සොයිසා පෙන්වා දුන්නා. ඔහු සඳහන් කළේ ATM යන්ත්‍රයට අප CARD පත ඇතුළු කිරීමේදී එහි අලවන ලද ELECTRONIC  DEVICE එකක් මඟින් අපගේ CARD පතෙහි දත්ත ලබාගෙන ඉන් අපගේ කාඩ්පතෙහි පිටපතක් ලබාගැනීමෙන් අනතුරුව මෙම මුදල් ජාවාරම සිදුකරන බවයි.

එසේම බැංකු නිවාඩු දිනයන්හිදි බැංකු සේවකයින් ලෙස සහ යන්ත්‍ර අලුත්වැඩියා කරන්නන් ලෙස පෙනී සිටිමින් මිනිසුන් නොමඟ යවා මෙම ජාවරම් කරුවන් මුදල් වංචා කරන බවද ඔහු පෙන්වා දෙනවා.

මෙම ජාවාරම් කරුවන්ට හසුනොවී අපගේ CARD පතහෙ දත්ත ආරක්ෂා කරගන්නා ආකරයද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා. ඒ අනුව ATM යන්ත්‍රයට අප CARD පත ඇතුළු කිරීමට පෙර කාඩපත් රඳවනය අසල ඇති කට ඔනෑවට වඩා ඉදිරියට පැමිණ ඇත්දැයි විමසිලිමත්වීම, රහස් අංකය ඇතුලත් කිරීම සඳහා ඇති PIN PAD එකට උඩින් යම් ආගන්තුක දෙයක් සඟවා තිබේද යන්න පිළිබඳව විමසිලිමත් වීම වැදගත් බවයි ඔහු සඳහන් කළේ.

මීට අමතරව බැංකු සේවා මඟින් පවත්වාගෙන යන SMS සේවාවක් හා ලියාපදිංචි වී සිටීම තුලින් ඔබේ ගිණුමේ මුදල් ලබා ගැනීමේදී ඒ පිළිබඳ දැනුවත් වීමේ හැකියාව ලැබෙනවා.

මිතුරන්ටත් දැනගන්න SHARE කරන්න අනිවාර්යෙන්ම…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here