එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප‍්‍රධාන සැසිය ශ‍්‍රී ලංකා වේලාවෙන් අද (25) පස්වරුවේ නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ දී අභිමානවත් අයුරින් ආරම්භ විය.

ලෝකයම බලා සිටින ජගත් සමුළුව මෙවර ,එක්සත් ජාතීන් සියලූම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමි සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම, තේමාව යටතේ පැවැත්වෙයි.

මෙම ප‍්‍රධාන සැසියට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා ඇතුළු ලෝක රාජ්‍ය නායකයින් සමග ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද එක්ව සිටී.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ශ‍්‍රී ලංකා වේලාවෙන් හෙට (26) අලූයම 1.30 ට පමණ සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත අතර ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන සිව් වන අවස්ථාව මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here