අරලිගහ මන්දිරය කේන්ද්‍රකොටගෙන එක්සත් ජාතික පක්ෂ මඩ බලකාය විසින් නව මාධ්‍ය මෙහෙයුමක් අරඹා තිබේ.එහිදී ජනාධිපතිවරයා සහ මල්වතු මහා නාහිමියන් අතර ගැටුමක් ඇති කරවීම අරමුණ වී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දිනයේදී දළදා මාලිගාව වැද පුදා ගත් අතර එහි ආගමික කටයුතු වල නිරත විය.කෙසේ නමුත් ජනාධිපතිවරයා මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයෙන් නාහිමියන් බැහැ දැකීම සිදු නොකරන ලදි.බොහෝ අවස්ථාවලදී ජනාධිපතිවරයා මහනුරට ගිය නමුත් මල්වතු සහ අස්ගිරි පාර්ශ්ව බැහැ දැකීම සිදු නොකරන ලදි.එලෙසින්ම මල්වතු සහ අස්ගිරි පාර්ශ්ව හිමිවරුන් කොළඹට පැමිණෙන අවස්ථාවලදී ජනාධිපතිවරයා හමු වීම සිදු නොවිණි.එය සාමාන්‍ය කටයුත්තකි.

නමුත් මෙම සාමාන්‍ය තත්වය ප්‍රයෝජනයට ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මඩ බලකාය විසින් මල්වතු පාර්ශ්වයේ දොරටු ජනාධිපතිවරයාට වැසූ බවට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටී.

කෙසේ නමුත් මේ පිළිබදව අප කල විමසීමකදී මල්වතු පාර්ශ්වය කියා සිටියේ ලංකාවේ මෙතෙක් කාලයක් සිටි ඕනෑම ජනාධිපතිවරයෙක් සහ වත්මන් ජනාධිපිතවරයෙක් හමුවීමට එහි දොරටු ඕනෑම මොහතක විවෘත බවත් එය රජ සමයේ සිට මෙරට පැවැතගෙන ආ සම්ප්‍රාදයක් බව ද කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here