රට පාලනය් කල සමනල රෑනක් පිළිබඳව ජනාධිපතිවරයා පහුගියදා පැවති ජන හමුවේදී ජනපති ප්‍රකාශයක් ඉදිරිපත් කරනු ලැබුවා. ජනපතිගේ ප්‍රකශය සමාජයේ විවිධ වූ කතා බහ ඇති කලද එය සමලිංගික ප්‍රජාවක් වෙතටම එල්ල කල චෝදනාවක් ලෙස විවිධ දේශපාලන වාසි ලබාගැනීමට භාවිතා කරන්නටද වුනා.

සැබවින්ම එහි අර්ථය කුමක්ද. සමනලයින් ලෙස පැවසුවේ කාහටද යන්න කිසිවෙකුටත් හරි හැටි තේරුම් ගැනීමට නොහැකි වූ බව නොරහසකි.

ජනපති පැවසු සමනල ඇමතිවරු සමස්ත රටේම ජාතික ආර්ථිකය සෙල්ලම් සූදු පිටියක් බවට පත් කරනු ලැබුවේ ය. එහි ඔවුන් ඔවුන්ගේ සංස්කෘතික ආතල් එක ගනිද්දී රට ගැන මොහොතක් වත් නොසිතු හේතුවෙන් ලංකාවේ රුපියල ඩොලරයට බාල්දු උනේ කවුරුත් නොසිතු ලෙසින්ය. එයට වගකිව යුතු සමනල ඇමතිවරයා වූයේ ආර්ථික විද්‍යාව පිළිබදව මෙලෝ දැනුමක් නොමැති රූපලාවන්‍ය ශිල්පි උපාධියක් ඇති අයෙකු වන මංගල සමරවීර මුදල් ඇමතිවරයාය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩල ප්‍රධානිය වූයේ සමනල පාට සාගල රත්නායක. එහෙව් සමනල ඇමතිවරයෙක්ට ජාතික තරුණ සේවා සභාව භාර දුන්නේ. මේවා රටේ ජනතාව දනී. කොල්ලන් එක්ක ආතල් ගන්නවා හැර රටේ ප්‍රශ්න විසදීම ඔවුන්ට අමතක විය.

රටේ අධ්‍යාපනයේ තීන්දු තීරණ ගැනීම දුන්නේ සමනල ලොක්කා වන රනිල් වික්‍රමසිංහ විසින් අකිල විරාජ්ට ය.සමනල ලොක්කාගේ තීන්දු තීරණ උඩින්ම ක්‍රියාත්මක කිරිම අකිල ද ක්‍රියා කරේය. උසස් පෙළ සිසුන්ට ටැබ් දෙන යෝජනාවක් ගෙන එද්දි ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කරනවිට කියා සිටියේ පහළ පන්තිවල සිට මෙය ලබා දිය යුතු බව ය. ඒ වගේ සරල දෙයක් අකිල විරාජ් නැමැති සමනල ඇමතිවරයාට තේරුම් ගැනීමට නොහැකි විය. ගෑනුත් නොවන, පිරිමිත් නොවන මොවුන්ගේ මනස තිබෙන්නේ සමනල ලෝකයක ය. මහ පොලොව අහිංසක මිනිසුන්ගේ යථාර්ථය පිළිබද මොවුන්ට තේරෙන්නේ නැත‍.

තමන්ගේ පක්ෂයේ බලය ද පවරා දුන්නේ සමලිංගික ඇමතිවරුන් ය. කිසිදාක බුද්ධික පතිරණලා වැනි සමනල නොවන අයට කැබිනට් ඇමතිකම් නොලැබුණි.

ජනාධිපතිවරයා කිසි විටෙකත් සමලිංගික ප්‍රජාවට පහර නොගැසුවේ ය. පහර ගැසුවේ සමස්ත රටම අදුරට ගෙන යන වික්‍රමසිංහලාගේ සමනල් පාලනය පිළිබදව ය.

එහෙව් වික්‍රමසිංහලාගේ සමනල පාලනය ජනාධිපතිවරයාත් සමස්ථ රටත් ප්‍රතික්ෂේප කරමින් සිටියේ ය. ජනාධිපතිවරයා අවසානයේ මෙරට දේශියත්වය අගයන,සංස්කෘතිය අගය කරන මහින්ද රාජපක්ෂව මෙරට අග්‍රමාත්‍යවරයා බවට පත් කරන ලදී.

එයට මුළු මහත් සමස්ත ජාතියේම ගෞරවය හිමි වෙමින් පවතී.

රට පාලනය කල රට දිගින් දිගටම අගාදයට හෙලමින් ඔවුන්ගේ ෆැන්ටසි ලෝකයේ ආතල් ගත් සමනල රෑනට මිස  ජනාධිපතිවරයාගේ ප්‍රහාරය එල්ල වූයේ  ශ්‍රි ලංකාවේ සිටින සමලිංගික ප්‍රජාවට නොවේ. අප තේරුම් ගත යුතු යථාර්ථය ද වන්නේ එය යි‍.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here