ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මේවන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

මීට පෙර ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ට වෙල්ගම මන්ත්‍රීවරයාව විවේචනය කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවස්ථාව ලබා දී නොතිබුණ අතර මේවන විට හිටපු ජනාධිපතිවරයාගේ අවසර පිටම මන්ත්‍රීවරුන් වෙල්ගම මන්ත්‍රීවරයාව ප්‍රසිද්ධියේම විවේචනය කිරීමට කටයුතු කරයි.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනා කළේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොන්ත්‍රාත් ඉටු කරමින් සිටින බවයි.

එජාපයට ගෝඨා බයක් පැමිණිම ගැන ප්‍රශ්නයක් නැති බවත් වෙල්ගමට ගෝඨා භයක් ඇවිත් තියෙන්නේ ඇයි දැයි ප්‍රශ්නයක් බවත් අලුත්ගමගේ මන්ත්‍රීවරයා පැවසී ය.

“අපේ කට්ටිය මොකටද විපක්ෂයේ වගකීම බාරගන්නේ. රනිල්ගේ තියෙන බය මොකටද අපි කතාකරන්නේ. එනිසා අපි කියනවා වෙල්ගම මහත්තයට කරුණාකරලා රනිල් වික්‍රමසිංහට කඩේ යන්න එපා. එතුමට ඕන දේවල් කතාකරන්න එපා වෙල්ගම ඇමතිතුමා. බොහොම ගෞරවයෙන් ඉල්ලනවා.“ යැයි මන්ත්‍රීවරයා චෝදනා කළේය.

“අපේ සටන මොට කරන්න රනිල්ට වුවමනා දේ අපි අපේ වේදිකාවේ කතා කළ යුතු නෑ. මම මීට කලිනුත් කතාකරන්න ගියහම ජනාධිපතිතුමා කතාකරන්න එපා කිව්වා. එනිසා කතා කළේ නෑ. එනිසා ජනාධිපතිතුමනි සමාවෙන්න ඕන.“ යැයිද මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් පැවසී ය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ඇතැම් අය පක්ෂය විනාශ කිරීමට සැලසුම් සහගතව ලබා ගත් කොන්ත්‍රාත්තුවක් ඉටු කරන බවයි.

“මේ පක්ෂය හරි ලස්සනට ගෙනාවා පසුගිය මාස හතර පහ තුළ. මේ මාස හතර පහ තුළ පුංචි පුංචි කතා මතුවෙනවා. අහවලා ගේන්න පොහොට්ටුවේ මං ඉන්න කම් ඉඩ දෙන්නේ නෑ. එවැනි තත්ත්වයට පත් වෙන්න එපා.“ යැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයා සඳහන් කලේ “අපි කියනවා කාගෙවත් ලණු කාලා කඩේ යන්න එපා මහත්තෙයෝ මං කවුරු ගැන කියන්නේ කියලා දන්නවනේ. ආන්න හරි වෙල්ගමද දන්නේ නෑ. කවුරු වුණත් අපිට කමක් නෑ“

එම වීඩියෝව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here