ගැහැණු ළමයෙක්ගේ මුහුණ ගත්තහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. වටිනාම දේ වෙන්නේ මූණ තමයි. පිරිමි ළමයෙක් ලස්සනයි කියල තීරණය කරද්දී බලන දේවල් අපි හොයල බැලුවා. හැමෝම කිවුවේ එකම ලිස්ට් එකක් තමයි. පිරිමි ළමයෙක්ගේ හිත ඉස්සෙල්ලම ගැහැණු ළමයා ගැන ඇදෙන්නේ මූනේ ලස්සන නිසාලු. ඇඟ දැකලා ආකර්ෂණය වෙන්නේ තාවකාලික සතුටක් ලබන්න කැමති ගැහැණු ළමයෙක් ගැන විතරලු. මූණෙන් තමයි මෙයා එක්ක කසාද බඳින්න ඕනේ කියන තීරණේ ගන්න ඉස්සෙල්ලම පිරිමි ළමයෙක්ට හිතෙන්නේ.

ලස්සන මූණක් කීවහම මෙන්න මේ අංග අට ඉතින් අනිවාර්යෙන්ම බැලෙනවා. මේ දේවල් ඔයාගේ මූනෙත් තියනවා නම් ඉතින් කියන්න දෙයක් නැහැ ඔයාගේ ආකර්ෂණීයත්වය සාමාන්‍ය ගැහැණු ළමයෙක්ට වඩා ගොඩක් වැඩියි. යාළුවො ඔයාට ඉරිසියා කරනවා ඇති. හැබැයි කොතන ගියත් පිළිගැනීම නම් ලැබෙන්නේ ඔයාට තමයි.

සුන්දර නෙත් යුවලක්
පිරිමි ළමයෙක්ගේ අවධානය ඉස්සෙල්ලම ලබන්නේ ගැහැණු ළමයෙක්ගේ ඇස් දෙක. ඇහේ පාට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම පුළුල් ඇස් පිවිතුරු බවක් හඟවනවා. එයින් කාන්තියක් නික්මෙනවා නම් අවට සිටින හැමෝටම හිතට ප්‍රබෝධයක් දැනෙනවා. ඒ වගේම ඝන ඇහි පිහාටු කියන්නේ ඇසේ සුන්දරත්වය තවත් වැඩි කරන අංගයක්. තද කළු පාට ඇස් ලස්සනයි. අපේ රටේ සමේ වර්ණයට අමුතු එළියක් දෙනවා.

ඒ අතරේ බොර පාට අපැහැදිලි ඇස් චරිතයේ තිබෙන අඩුපාඩු පෙන්වන්නක්. ඒ වගේම ඇහි බැමි දෙක එකට ඇලුන කාන්තාවෝ අසුන්දරයි වගේම අශුභයි කියල පුරාණයේ සිට සැලකෙනවා. මේ ඇස් දෙක ලස්සන කර ගන්න තමයි කාන්තාවෝ විවිධ දේවල් ආලේප කරන්නේ. Eye shadow, Mascara, Eye liner වගේ දේවල් පාවිච්චි කරලා බොහෝ තරුණියෝ ඇස් ලස්සන කර ගන්නවා. ඒ අතරේ සමහරු එකට පූට්ටු වුන ඇහි බැමි ගලවලා දෙනෙත ලස්සන කර ගන්නවා. තව සමහරු අක්ෂි කාච දාල ඇසේ වර්ණය වෙනස් කරනවා. මේ සේරම කරන්නේ ඉතින් දෙනෙත් වල ලස්සන මූනේ සුන්දරත්වයට ගොඩක් හේතු වෙන නිසානේ.

පිරුන දෙතොල
පංච කල්‍යාණයේ මාංශ කල්‍යාණය ලෙස හඳුන්වන්නේ පිරුණු ඉදුණු කෝවක්කා ගෙඩි වල වර්ණය ඇති දෙතොලක් ඇති බවයි. ඔබේ දෙතොලෙත් මනා වර්ණයක් තිබෙනවද ? එහෙනම් ඔබේ මුහුණ ආකර්ෂණීයයි. පමණට වඩා කුඩා දෙතොල් අසුන්දරයි. පමණට වඩා මහත දෙතොල් කාමුකයි ඒ වගේම මූණට එළියක් දෙන්නේ නැහැ. ඒ නිසා නිසි ලෙස පිහිටි , මනා වර්ණයෙන් යුතු දෙතොල හැම විටම ඔබේ මුහුණේ ලස්සන පෙන්වන අංගයක් වෙනවා.

මනාව පිහිටි නහය
ඇතැම් අයගේ නහය මුක්කන්. එහෙම නැත්නම් උඩින් කුඩා වෙලා. සමහරුන්ගේ නහය විශාලයි. ඇතැමුන්ගේ ඉතා කුඩයි. සිහින් ඒ වගේම කෙලින් පිහිටි නහය ඔබේ මුහුණට වඩා සුන්දරත්වයක් එකතු කරනවා. ඔබ කොතරම් අනික් අංග වලින් ලස්සන වුනත් ඒ ලස්සන එක මොහොතින් නැති කරන්න අවලස්සන නහය ප්‍රමාණවත්.

සමහර අය නහය විදලා කරාඹු පවා දමනවා. ඒ මගින් නහයට ආකර්ශනයක් ලබා ගන්න. ඒ වගේම දක්ෂ වේශ නිරූපන ශිල්පියෙක්ට පුළුවන් ඕනෙම ඇද නහයක් නියම ලස්සනට පේන්න මේකප් කරන්න. කන්නාඩිය ඉස්සරහට ගිහින් බලන්න ඔබේ නහය කොයි වගේද කියල.

මුතු වන් දත් දෙපල
දත් දේපල කියන්නේ හිනාවෙ ලස්සන මනින සාධකය. ඒ වගේමයි දත් වල වර්ණයෙන් ඔබේ නිරෝගී කම පෙන්වනවා. ඒ වගේම හිනා වෙන ආකාරයෙන් ඔබ කොයි වගේ ගති ගුණ ඇති කෙනෙක්ද කියා පෙන්වනවා. දත් දුර්වර්ණ කෙනෙක් කොතරම් ලස්සන වුනත් දකින කෙනාට ඇති වෙන්නේ අප්‍රසාදයක්. ඒ නිසා දත් වල නිරෝගී කම සහ වර්ණය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න.

කම්මුල් වල පිහිටීම
වල ගැසුන සිහින් කම්මුල් සහ ඕනවට වඩා මහත කම්මුල් වුනත් ඔබේ මුහුණේ ආකර්ෂණීයත්වය නැති කරනවා. මනාව පෙනෙන මසින් පිරුන එහෙත් හැඩ කම්මුල් ඔබට ඇත්නම් ඔබ ඉතාම නිරෝගී ලස්සන කෙනෙක් බව එයින් පැවසෙනවා. කම්මුල ඉදිමිලා නම් එයින් ඔබේ ශරීරයේ ඇති අභ්‍යන්තර රෝගාබාධ පවා නිරූපණය වෙනවා. ඒ නිසා ඔබේ ආකර්ෂණීයත්වය මනිද්දී කම්මුල් වල ස්වභාවය කියන්නේ අහක දමන්න බැරි ලක්ෂණයක්. සුදු මැලි වර්ණයක් ඇති කම්මුල් මූණට කිසිම එළියක් දෙන්නේ නැහැ. ඒ නිසයි බොහෝ කාන්තාවෝ බ්ලෂ් එකක් අලේප කරලා කම්මුලේ පැහැය මද රත් පැහැයකට හරවා ගන්නේ. ඔබේ කම්මුල් කොයි වගේද?

සුන්දර සම
ඇතැම් අයට උපතින් ලස්සන නහය කට ලැබුනට කල් යද්දී වැරදි පුරුදු එක්ක මුහුණේ සම විනාශ කර ගන්නවා. ඇතැම් අයගේ සම කුරුලෑ කැළැල් වලින් ගහණයි. තව අයගේ සමේ තැන තැන මෙලනින් තැම්පත් වෙලා. තවත් අය අවුවේ ගිහින් සම පිච්චිලා. ඒ වගේම පරිසර දූෂණය සහ පීඩනය එක්ක සම වේලෙන්න ඉඩ දුන්නම, තෙතමය රැක්කේ නැති වුනාම සම අකලට වයසට යනවා. ගොඩ දෙනෙකුගේ සම සජීවී නැහැ, අප්‍රාණික බවක් පේනවා, තැන තැන ලප මතු වෙලා. ඒ නිසා මේකප් දාල වහ ගන්න එකට වඩා ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ සම පිරිසිඳු කිරීමට, තෙතමනය රැකීමට සහ අකලට වයසට යාමෙන් ආරක්ෂා කර ගැනීමට තමයි. මොන විලාසිතාව කරගෙන හිටියත් ඔබේ වයස වැඩියෙන් පේන එක නවත්වන්න බැහැ මුහුණේ සම තරුණ පාටට තිබුනේ නැත්නම්.

අනවශ්‍ය රෝම වලින් තොර වීම
රෝම කියන්නේ ශක්තිමත් බව සහ පුරුෂ බව පෙන්වන ලක්ෂණයක්. මුහුණ පුරාම රෝම වැවුන කාන්තාවක් කොහෙත්ම පිරිමියෙක්ට ආකර්ශනීය වෙන්නේ නැහැ. හෝර්මෝන තුලනයේ වෙනස්කම් නිසා සමහර ගැහැණු ළමයිගේ මූණ පුරා රෝම වැවෙනවා. ඒ රෝම ගලවා දමන්න පහසුයි. නමුත් එය වේදනාකාරියි. ලස්සන වෙන්න කැප වීමක් ඉතින් කරන්න ඕනේ නේද?

පැහැදිලි නළල් තලය
නළලේ හැඩයත් මුහුණේ ආකර්ශනයට ලොකු හේතුවක්. මුහුණේ අංග ලක්ෂණ වලට පරිසමාප්තියක් එක් කරන්නේ නළල. ලස්සන නළලක් ඇති කාන්තාවෝ බුද්ධිමත් බව සැලකෙනවා. පටු නළල කියන්නේ කල්පනා ශක්තිය හීන බවේ සලකුණක් බව අතීතයේ ඍශි වරු සඳහන් කර තියෙනවා. ඒ වගේම නළලේ මොට්ටු තැබීම පුරාණ ආසියාතික ළඳුන්ගේ සිරිතක්. එයින් නළලේ ඇති ආකර්ශනය වැඩි කර ගන්නට ඔවුන් බලාපොරොත්තු වුනා.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here