තමන් දේශපාලන හිගන්නෙක් නොවන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මට්ටක්කුලිය ප්‍රදේශයේ දී ඊයේ අදහස් දක්වමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“එක්සත් ජාතික පක්ෂයේ අය සියයට සියයක් අපිත් එක්ක ඉන්නේ. මග අරින්නේ කොහෙද? මඟ අරින නිසා තමයි ඊයේ ගිහිල්ලා ජනාධිපති කාර්යාලයෙන් ඇහුවේ කෝ මේ යහපාලනය තියෙනවා නම් ඇයි ඔය ඩොකියුමන්ට්ස් වහලා තියෙන්නේ? එළියට දාන්න. අපට ප්‍රශ්න නැහැ. අපි මේ විවෘතව ගිහිල්ලා ඉල්ලනවා. මේක නිකන් වසන් කරලා ඇත්ත ඇත්ත ආකාරයෙන්ම ප්‍රකාශ වෙනවා නම් කමක් නැහැ. මං දේශපාලන හිගන්නෙක් කියල හිතනවද. ඔය කතා කරන්නේ මිලියන අටක් ගැන. මිලියන අටක් කියන්නෙ මොකක්ද. කෝටි 30-40-50 තියෙන කොම්පැනියකට ඔය මොකක්ද. ඒ වගේ එකක් අපේ ප‍්‍රධාන නිලධාරියට රෙන්ට් එකට ගන්න බැරිද. මොකක්ද මේ විහිළුව. වාර්තා හංගන්නේ නැතුව එළියට දැම්මා නම් ඔක්කොම එළිය ඒවි. මේක රෙන්ට් එකට අරන් තියෙන්නේ. මගේ දියණිය ගත්ත එක තමයි මම ප්‍රකාශ කළේ. මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද?”

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here