කැබිනට් මණ්ඩලය විසින් තීරණ ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් දෙමල ජාතික සන්ධානය සමග සාකච්චා කිරීමට යාන්ත‍්‍රණයක් සකසා ඇති බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

මන්ත‍්‍රිවරයා සදහන් කරන්නේ කැබිනට් තීරණ ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් සාකච්චා කිරීමට තම පාර්ශයෙන් කණ්ඩායමක් පත් කර ඇති බවද ඔහු කියා සිටී.

කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගන්නේ නම් ඒ පිළිබදව තම සන්ධානය සමග සාකච්චා කල යුතු යයි දන්වා ඇතැයිද ආණ්ඩුව වැඩ කල යුත්තේ තම සන්ධානය සමග සාකච්චා කිරීමෙන් පසු බවත් ඔහු සදහන් කරයි.

යාපනයේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here