පසුගිය කාලයේ කථාබහට ලක්වූ නළු නිළි හුටපට අතර රොෂාන් පිලපිටියගෙන් වෙන්වී චතුරිකා ගයාන් සමග ගිය කතාව ප්‍රකට එකක්. එයින් පසු රොෂාන් චිත්ත සංතාපයට පත්වූ හැටිත් ඔහු ඇය සමග ජීවත්වන්නට කියා ඉදිකරන ලද නව නිවසේ තනියෙන් කල්ගෙවූ හැටිත් මාධ්‍ය වල පුවත් මවන්නට සමත් වුණා.

චතුරිකා නිහඩවම සිට පුවත්පත් අමතා කියා සිටියේ ගයාන් සමග විවාහ වන්නට සූදානම් වන කතාවකි.

මේවා සිද්ධ වෙද්දී හිතහදාගත් රොෂාන් පිලපිටිය අලූත් පෙමක පැටලූණ කතා අන්තර්ජාලයේ විවිධ ලෙස ආරංචි වුවත් රොෂාන් ඒ ගැන හෙළිකරන්නට බොහෝ සේ අදිමදි කර තිබුණි. නමුත් ඔහු සගවන්නට හදන පෙම්වතිය කලක සිට මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කරන සුනලි රත්නායකයි. ඇය කුරුණෑගල ගම් ප්‍රදේශයෙන් බිහිවූ තැනැත්තියකි.පසුව කොළඹ පැමිණ සන්ඩේලීඩර් පුවත්පතේද සේවය කර තිඛෙන ඇය දේශපාලන විද්‍යාව සඳහා උපාධිය ලබාගත්තේ ඇමරිකාවෙනි.

රොෂාන් සමග දැනට වසර දෙකකට ආසන්න කාලයක් පෙමින් වෙළී සිටින ඇය පසුගිය මාර්තු මාසයේ ඔහු වෙනුවෙන් පුදුම කරවන උපන්දිනයක්ද සමරා එම ඡායාරූප අන්තර්ජාලයට එක්කර තිබුණි.

ඇය ගැන රොෂාන් නොකියා කියන කතාව අද මීවිත පුවත්පතේ පළකර තිබුනේ මෙසේය.

රොෂාන් දැන් පෙම්වතෙක් නේද ?
මගේ පෞද්ගලික ජීවිතය පසුගිය කාලයේ වෙබ් අඩවිවල නිතර පළකරන්න ගත්තා. මම හිතනවා ඒක දැන් ඇති කියලා. ඒවා තේරුමක් ඇති දෙයක් නෙමෙයි. අනික තවත්කෙනෙකුට ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් අත්වෙන්නේ නැහැනේ. මගේ මිතුරෙක් තමයි ඔය වැඩේ කළේ.

පසුගිය කාලයේ ඔබේ පෙම්වතිය ඔබව සර්ප්‍රයිස් කරන්න තරුපහේ හෝටලයක උපන්දින පාටියක් දුන්නා කියලත් අන්තර්ජාලයේ පළවුණා නේද?
මම අවුරුද්දකට වතාවක් උපන්දින පාටියක් ගන්නවා. මම සාමාන්‍යයෙන් සාද පවත්වනවා හරි අඩුයි. සමහර අවස්ථාවලදී ඒ වගේ පරණ පින්තූර අලූත්වෙන අවස්ථාත් තියෙනවා. මට පෙම්වතියක් ඉන්නවාද? නැද්ද?. මම කසාඳ බඳිනවාද? නැද්ද? ඒවා සුදුසු කාලය ආවහම මාධ්‍යයට කියනවා. ඉන් එහාට ඒ දේවල්වලට අනවශ්‍ය ප්‍රසිද්ධියක් වුවමනා නැහැ. අනික පත්තරයක් කියවන කාටවත් ඒ දේවල් වැඩක් වෙන්නේ නැහැ කියලයි මට නම් හිතෙන්නේ. මට හොරෙන් බඳින්න අවශ්‍යතාවක් නැහැ. බඳින දවසට හැමෝටම කියනවා.

roshan-sunali009gossiplankanews roshan-sunali008gossiplankanews roshan-sunali007gossiplankanews roshan-sunali006gossiplankanews roshan-sunali005gossiplankanews roshan-sunali004gossiplankanews roshan-sunali002gossiplankanews roshan-sunali001gossiplankanews

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here