ඉන්දියාවට එරෙහි දිල්ලි ෆෙරාශ්ලා කොට්ලා ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ ජයග‍්‍රහණය සදහා ලකුණු 410 ඉලක්කයක් හඹා ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 04ක් දැවී ලකුණු 116ක් ලබා සිටියි.
මේ වන විට නොදැවී පන්දුවට පහර දෙන ධනංජයද සිල්වා ලකුණු 39ක්ද දිනේෂ් චන්දිමාල් ලකුණු 02ක්ද ලබා පිටියේ රැදී සිටියි

සිවැවැනි දිනය සදහා ඊයේ දිනයට තරගය නතර කරන විට ලකුණු 31ක් ලබා සිටි ශ‍්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 4ක් එක් වෙද්දී එක් ලකුණක් ලබාසිටි ඇන්ජලෝ මැතිව්ස් ජඩෙජා එවු පන්දුවකට ස්ලීප්හි පන්දුරකිමින් සිටි අජින්ක්‍යා රහානේ අතට උඩපන්දුයක් ලබා දෙමින් දැවී ගියහ.

කෙසේ වෙතත් එම දැවීයාමේ දර්ශන යළි නැරඹීමේදී ජඩෙජා යැවු පන්දුව නිපන්දුවක් ලෙස දිස්වු අතර ඒ වන විට පන්දු යවන්නාගේ අන්තයේ විනිසුරු වශයෙන් කටයුතු කළේ ජෝයි විල්සන්ය.

කෙසේනමුත් විනිසුරු කල මේ වරද සාධාරණය කරමින් නිපන්දුව අනිත් අන්තයේ සිටි ධනංජය සිල්වා නොදැක්කේ මක් නිසාද යන මෝඩ තර්කයක් තරඟය විචාරය කල ඉන්දීය විචාරකයන් සහ තරඟය සජීවීව විකාශය කරන වෙබ් අඩවි  මතු කරන ආකාරයද දැකගත හැකි විය.

ඉන් පසුවද ජාඩේජා යැවූ පන්දුවක් චන්දිමාල් පසුකර කඩුල්ලේ වැදුනත් තෙවන විනිසුරු නැවත එය බලන විට එයද නිපන්දුවක් බව තහවුරු විය.එම වීඩියෝව පහතින් නැරබිය හැක.

ඊයේ දිනයේදී මොහොමඞ් ශාමී එවන ලද බවුන්සර් පන්දුවක් නිදැල්ලේ යැවීමට උත්සහ කිරීමේදී සධීර සමරවික්‍රමගේ අත් ආවරණයේ වැදුණු පන්දුව පළමු ස්ලිප්හී පන්දු රකිමින් සිටි අජින්ක්‍යා රහනේ විසින් රැකගැනීමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 14 ක් වන විට දැවී ගියේය. ප්‍රධාන විනිසුරු විසින් දැවී ගිය බවට තීරණය කළද ඉන් සැහීමකට පත්නොවූ සධීර සමරවික්‍රම විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය.

තෙවැනි විනිසුරු විසින් පුනරූපණ නැරඹීමේදී අත් ආවරණයේ යම්තමින් වැදුණු පන්දුව සධීර සමරවික්‍රමගේ උරහිසේ වේගයෙන් වදිමින් ස්ලිප්හී පන්දු රකිමින් සිටි අජින්ක්‍යා රහනේ වෙත ඇදී ගියේය.

ඊයේ දිනය නිමාවීමට පෙර රවින්ද්‍ර ජදේජා විසින් යවන ලද අවසන් ඕවරයේ පළමු පන්දුවෙන් දිමුත් කරුණාත්න දැවී ගිය අතර රාත්‍රි මුර පිතිකරු ලෙස පැමිණි සුරංග ලක්මාල්ද එම ඕවරයේ සිවුවැනි පන්දුවෙන් දැවී ගියේය.

ඉන්දියාව දෙවැනි ඉනිම සදහා කඩුලු 5 ක් දැවී ලකුණු 246 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවන විට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 409 ක් ඉදිරියෙන් සිටියේය.

මැතිව්ස් දැවී ගිය විඩියෝව පහතින්

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here