එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නවාතැන් ගෙන සිටින හෝටලයට දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි විදෙස් ආරංචි මාර්ග පවසයි.

මේ අතර තවත් සුවිශේෂ කාරණයක් වූයේ අද දිනයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නවාතැන් ගෙන සිටි එම හෝටලයට හදිසියේම ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් මහතා (Mike Pence) පැමිණ තිබීමයි.

කෙසේ වෙතත් ඇමරිකානු උප ජනාධිපතිවරයා එලෙස හදිසියේ එම හෝටලයට පැමිණියේ කුමණ කාරණයකටද යන්න තවම තොරතුරු හෙළිවී නොමැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද රැදී සිටි එම හෝටලයට පැමිණි ඇමරිකානු උප ජනාධිපතිවරයා හදිසි සාකච්ඡාවක් පවත්වා ඇතැයිද යන්න තවම කරුණු වාර්තා වී නැත.

නිව්යෝර්ක් නුවර පොලිස් දෙපාර්තමේන්තුව විසින් ජනාධිපතිවරයා රැඳි සිටි එම හෝටලයට සහ අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අතර එම හෝටලයට පැමිණෙන සියලු දෙනාද දැඩි පරික්ෂාවට ලක් කර තිබේ.

මේ අතර එම හෝටලයට ඇතුල්වීමට මාධ්‍යවේදීන්ට හෝ කිසිවෙකුටත් අවස්ථාවක් ලැබී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here