“එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමි සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම” තේමාව යටතේ එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්වේ.

එහි ප‍්‍රධාන සැසිවාරය හෙට ආරම්භ කෙරෙන අතර එදින පස්වරුවේම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ශ‍්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා කි‍්‍රයාත්මක කිරීමේ දී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ති‍්‍රවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව මෙහි දී එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය වෙත ජනාධිපතිවරයා විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන අතර එය සියලු පාර්ශවයන්ට පිළිගත හැකි මධ්‍යස්ථ යෝජනාවලියක් ලෙස එය ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා සූදානම් වේ.

මේ හේතුවෙන් කළබලයට පත් ව සිටින දෙමල ඩයස්පොරාව මේවන විටත් ජනාධිපතිවරයාගේ යෝජනාවලිය ඉදිරිපත් කිරීම වැලැක්වීමට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර ඔවුන් ඒ සඳහා ඩොලර් මිලියන ගණනක මුදල් වැය කරමින් පවතින බව වාර්තා වෙනවා.

ජනාධිපතිවරයා ඉදිරිපත් කරන යෝජනාවලිය හේතුවෙන් ශ්‍රීලංකාවට එරෙහිව එල්ල වී ඇති චෝදනා එක්සත් ජාතීන් ඉවත් කර ගතහොත් දෙමල ඩයස්පෝරාවේ ගෙන යන යුධ අපරාධ චෝදනා සහ එල්.ටි.ටී.ඊ මතවාදයත් ඒ තුළින් ඔවුන් උපයා ගන්නා ඩොලර් මිලියන ගණනක මුදල් අඩපණ වන හෙයින් ඔවුන් මෙසේ කලබලයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේවන විටත් යුරෝපා රටවල කොටි පක්ෂග්‍රාහි තානාපතිවරුන් මෙම යෝජනාවලිය නිසා කැලඹීමට ලක්ව ඇති අතර ඔවුන් සියලු දෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට අවස්ථාව ඉල්ලා තිබෙන අතර ඔවුන්ගේ අරමුණ වී අත්තේ ජනාධිපතිවරයාගේ මෙම යෝජනාවලිය ඉදිරිපත් කිරීම නවතා දැමීම බව වාර්තා වේ.

එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ පුතා ඝාතනය කළ අය නීතිය හමුවට ගෙන එන ගෙන ලෙස චෝදනා කරමින් දෙමල ඩයස්පෝරාව කටයුතු කළද ඔවුන් කිසිවිටකත් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසල බෝම්බ පුපුරවා සිදුකළ ඝාතන හෝ දළදා මාලිගාව අසල සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳ කතා නොකිරීම තුළින් ඔවුන්ගේ යටි අරමුණ මනාව පැහැදිලි වේ.

මේ වන විටත් වාර්තා වන අන්දමට ජනාධිපතිවරයාට එරෙහිව එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට දෙමල ඩයස්පෝරාවේ සූදානමක් පවතී. මෙම ගැටලු වලට සාධාරණ විසඳුමක් ලබා දෙමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවලියට එරෙහිව දෙමල ඩයස්පෝරාව කටයුතු කරනුයේ ඔවුන්ට එම ප්‍රශ්නය විසඳීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති වීම හේතුවෙනි.

එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පුනරුත්ථාපනය කර නිදහස් කිරීමට ගැනද දෙමල ඩයස්පෝරාව සිය අකමැත්ත ප්‍රකාශ කර තිබෙන්නේ ඔවුන්ට අවශ්‍ය වන්නේ විසදුමක් නොමැතිව මෙම ප්‍රශ්නය ඉදිරියටත් ගෙන යාමටය.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී විශේෂ දේශනය සිදු කරමින් ජනාධිපතිවරයා එම විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කරන අතර එහිදී ජාත්‍යන්තරය හමුවේ මතුව ඇති ප්‍රශ්නාවලියට තිරසාර විසඳුමක් සහිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ එම විශේෂ යෝජනාවලියට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තරයේ ප්‍රබල රටවල් දැඩි අවධානයෙන් පසු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඉතිහාසයේ පළමු වතාවට මෙරට සිදු වූ මානුෂීය මෙහෙයුමෙන් ශ්‍රි ලංකා හමුදාවට සිදු වූ අපකීර්තියෙන් ගලවා ගැනීම සදහා රටට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවට විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේදී ප්‍රකාශ කළේය.

මෙම යෝජනාව මගින් ජාතයන්තර යුධ අධිකරණයක් සදහා ඉදිරිපත් ව තිබෙන යෝජනාව පහසුවෙන්ම නිෂ්ප්‍රභ වනු ඇති අතර ඒ අනුව මෙම යෝජනාවලිය මගින් දෙමල ඩයස්පෝරාව මෙන්ම ශ්‍රි ලංකාව පාර්ශ්වයත් පිළිගත හැකි මධ්‍යස්ථ යෝජනාවලියක් ද වනු ඇතැයි වාර්තා වේ.

ඊට සමගාමීව මානව හිමිකම් පිළිබඳ නව මහ කොමසාරිස්වරිය ද පළමු වරට හමුවන බවත් ඇයට ද ලිඛිත යෝජනාවලියක් ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ හිතවාදී ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන විවිධ චෝදනා ඉදිරිපත් කරන බවත් වත්මන් ආණ්ඩුව බලයට පත්විමට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ පැවැති දුරස්තභාවය මඟහැර මිත්‍රශිලි භාවයක් ඇති කර ගැනීමට රජයට හැකි වු බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

රටේ ආරක්ෂක තත්ත්වය කිසිලෙසකින් දුර්වල වී නොමැති බවත් හමුදාව නිරන්තරයෙන් ශක්තිමත්ව ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here