තම විශ්‍රාම වැටුප සම්බන්ධව ගැටළුවක් නිරාකරණය කරගැනීම සඳහා ජානාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදීමට තැත්කළ අබාධිත රණවිරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

මෙම රණවිරු පිරිස මීට පෙර තම විශාම වැටුප් ඉල්ලීම පිණිස උද්ගොෂණයක් සිදු කල අතර එහිදී ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කරමින් ලබන පෙබරවාරි මාසයේ සිට එම විශ්‍රාම වැටුප් ලබා දීමට ජනපතිවරයා උපදෙස් දී ඇති අතර එයට අවශ්‍ය මුදල්ද ලබන වසරේ අය වැයෙන් වෙන් කිරීමට නියමිතව තිබෙනවා.

ගැටලුව විසදීමට කටයුතු කර ඇති පසුබිමක මේම රණවිරුවන් මෙසේ හැසිරෙන්නේ බංකොලොත් දේශපාලකයන්ගේ න්‍යායපත්‍රයකට අනුව බව පෙනී යන්නේ උදය ගම්මන්පිල, විමල් වීරවංශ, මෙන්ම බෙන්ගමුවේ නාලක  ස්වාමීන් වහන්සේ යන අය මෙම ගැටලුව උත්සන්න කිරීම සඳහා තම දායකත්වය උපරිම ලෙස ලබා දී ඇති බව දැක ගන්නට ලැබීම ඉතා කේදනීය තත්වයක්.

එදා රණවිරුවන් භාවිතා කල තම ජනප්‍රියත්වය හා දේශපාලන අනාගතය රැක ගන්නට රණවිරුවන් භාවිතාකල දේශපාලකයන් ඔවුන්ගේ පාලන කාලය තුල රණවිරුවන් වෙනුවෙන් තම යුතුකම් ඉටු නොකර වර්තමාන රජය එම යුතුකම් ඉටුකර තිබියදීත් එය දරා ගැනීමට නොහැකිව අබාධිත රණවිරුවන් ඉදිරියට දමාගෙන තම බංකොලොත් හා අසාර්ථක දේශපාලනය නැවතත් ඉදිරියට ගෙන එම ඉතාමත් නින්දිතය.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here