සමස්ත ලෝ වැසි බෞද්ධ ජනතාවගේ උරුමයක් වන අති පාරිශුද්ධ ථෙරවාදී ත්‍රිපිටකය, ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ අලුවිහාරයේ දී අද (05) දින සිදුකෙරිණි.

එම උතුම් අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජාතික උරුමයක් ලෙස නම් කළ අති පාරිශුද්ධ ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කරන බවයි.

මේ අනුව අද සිට ත්‍රිපිටකය විකෘති කර අර්ථ දක්වන්නන්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here