හිටපු අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා සභාපතිත්වය දරණ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීමට පක්ෂ කිහිපයක් තීරණය කර ඇති හිටපු අමාත්‍ය මහචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

වමේ පක්ෂ කිහිපයක් විසින් අද (15) කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ තමන් මෙන්ම, වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර ඇතුළු පක්ෂ කිහිපයකම ප්‍රධානින් එම තීරණය ගෙන ඇති බවයි.

ලිබරල් වාදය මත පිහිටා මෙවර සකස් කර ඇත්තේ අය වැයක් නොව ණය වැයක් යැයි එම මාධ්‍ය හමුව ඇමතු හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පැවසුවේය.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here