ජනප්‍රිය නිළි ජෙනිෆර් ලෝරන්ස් ළඟකදී පටන් මුණ ගැසෙන පුද්ගලයා කවුරුන්දැයි බොහෝ දෙනකුට ප්‍රශ්නයක් වෙලා. උකුසු නෙත් ඇති හොලිවුඩ්පුර වැසියන් පවසන්නේ ජෙනිෆර් නිතර නිතරම හමුවන මේ ආගන්තුක තැනැත්තා ඩැරන් අරනොෆ්ස්කි නම් වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයා බවයි.

නමුත් ඔහු තරුණයකු නම් නොවෙයි. වයස අවුරුදු 47ක් වන පුද්ගලයෙක්. දැනට 26 වැනි වියෙහි පසුවන ජෙනිෆර්ට මෙවැන්නකුගේ ඇසුර ගැළපෙන්නේදැයි සමහරු ප්‍රශ්න කරනවා. ඩැරන් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක රඟපෑමෙන් පසුව ජෙනිෆර් ඔහුට සමීප වී ඇතැයි පැවසෙනවා.

මේ වන විට ඩැරන් සහ ජෙනිෆර්, පෙම්වතුන් බවට පත්වී ඇති බවයි හොලිවුඩයේ උණුසුම් ආරංචිවල සටහන් වන්නේ. පසුගිය සති කිහිපය තුළ ජෙනිෆර් වරින් වර නිව්යෝක් නුවරට පියාසර කර තිබෙනවා. ඒ, ඩැරන්ව මුණ ගැසීමටයි. ඔහු පදිංචිව සිටින්නේ නිව්යෝක් නුවරයි.

මීට කලින් ජෙනිෆර් පෙමින් බැඳී සිටියේ ජනප්‍රිය නිළි ගිනෙත් පැල්ට්‍රෝව්ගේ හිටපු සැමියා වූ ක්‍රිස් මාටින් සමඟයි. ඒ සබැඳියාව පැවතුණේ සිව් මසක කාලයකට පමණයි. ඉන් පසුව ජෙනිෆර් වෙත ළං වුණේ බෙන් ඇෆ්ලෙක්.

rs_1024x759-160509122223-1024-jennifer-lawrence-x-men-london-premiere

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here