ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිවරනයෙන් ජයග්‍රහණය කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුලු මොහොතකට පෙර සමත්වුණා.

ඒ ආසන 288ට 215ක් ලෙස හිලරි ක්ලින්ටන් පරාජය කරමින්.

කෙසේ වෙතත් ලෝක බලවතා වීමේ මෙම සටන පිළිබඳ පසුගිය සමය පුරාවටම ලොව පුරා සිටින ජ්‍යෙතිශවේදින්ද සිය අනාවැකි පලකර තිබුණා.

මෙහිදී ඇතැම් ජ්‍යෙතිශවේදින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරනු ඇති බවටද,ඇතැම් ජ්‍යෙතිශවේදින් හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කරනු ඇති බවටද අනාවැකි පලකර තිබුණා.කෙසේ නමුත් බොහෝ ජ්‍යෙතිශවේදින් අනාවැකි පළකලේ හිලරි ක්ලින්ටන් ජයගන්නා බවකි.

දැඩි ආන්දෝලනාත්මක අනාවැකි පලකරන්නෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රී ලාංකේය ජ්‍යෙතිශවේදි විජිත රෝහණ විජයමුණිද ඇමරිකානු ජනපතිවරණය පිළිබඳ අනාවකියක් පවසා තිබුණා.

පසුගිය සැප්තැම්බර් 17 වනදා සිය ෆේස්බුක් පිටිුවේ වීඩියෝවක් පළකරමින් විජිත රෝහණ විජයමුණි පවසා තිබුණේ ඇමරිකානු ජනපතිවරණයෙන්  ඩොනල්ඩ් ට්‍රම්ප්  ජයගන්නා බවකි.එමෙන්ම තමා ඒ පිළිබඳව ඩොන්ල්ඩ් ට්‍රම්ප් වෙත පණිවුඩයක් යැවීමටද කටයුතු කළ බවක් එහි සඳහන් වී තිබුණා..එම වීඩියෝව පහතින්..

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here