ඒ අතර ටෙලිකොම් සේවක වර්ජනය ගැනත් කතාබහ ඇතිවිය. ටෙලිකොම් ආයතනය ඉදිරිපිට මෑන් පවර් සේවකයන් කරන විරෝධතාව ගැන කතාකරන්න වූයේ හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයාය.

“මෑන් පවර් අය ටෙලිකොම් එක ඉස්සරහ විරෝධතා දක්වන එක ලොකු ප්‍රශ්නයක්. මේ අයට ජොබ් දෙන්න බැහැ. එහෙම ජොබ් දෙන්න ගියොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා” හරීන් කීවේය.

“එහෙම කියලා හරියන්නේ නෑ. අපේ ආණ්ඩුවේ පළමු අවුරුද්දේ සංවත්සරය වෙලාවේ අපි මේ අය හමුවුණේ මහ රෑ එකොළහට දොළහට විතර. හරීන් ඔයා එදා මාත් එක්ක ගියානේ. ජනවාරි 8 වැනිදා මහින්දලා ගෙදර යවන්න උදව් කළේ මේ අය. ජනවාරි 8 වැනිදායින් පස්සේ අපිට තනතුරු ලැබුණා. ඒත් මේ අය තවම මහ පාරේ. අපි ඉක්මනින්ම මේ අයගේ ගැටලුවට විසඳුම් දෙන්න ඕන” රාජිත කීවේය.
“මේ හැමෝටම එකපාර රස්සා දෙන්න ගියොත් ඒක ප්‍රශ්නයක් වෙනවා” ජෝන් සෙනවිරත්න ඇමැතිවරයා පැවැසුවේය.

“මේ ගැන කම්කරු අමාත්‍යාංශය කියපු දේවල් මම දැක්කා. මේ අයගේ රස්සා ස්ථිර කිරීම ගැන ඔයාලා දාපු මිනිට් මම දැකලා තියෙනවා. කොටස් කොටස් මේ අය ගන්න කියලානේ ඔයාගේ අමාත්‍යාංශය කියන්නේ. කොහොමහරි මේ අයට රස්සා දෙන්න ඕන” මෛත්‍රී කීවේ තීරණාත්මකවය.

“මාත් එක්ක වෑගපිටිය කතා කළා. මේ ප්‍රශ්නය විසඳන හැටි එයා කතා කළා. මෙතන ප්‍රධාන විධායක නිලධාරියාගේ ප්‍රශ්නයක්නේ තියෙන්නේ. එයාගේ වැඩ නිසා අපිට මිනිස්සු නැතිවෙනවා. ඒ නිසා ආණ්ඩුව අපහසුතාවයට පත්වෙනවා. මේකට විසඳුමක් අවශ්‍යයි” රාජිත කීවේය. කැබිනට් සාකච්ඡාවෙන් පසුවත් රාජිත මෛත්‍රී හමුවීමට ගියේය. ඔහු ගොස් කතා කළේ මෑන් පවර් සේවකයන්ගේ ගැටලුව විසඳීම ගැනය. ඒ අනුව කම්කරු ඇමැතිවරයා ඇතුළු ඇමැතිවරු කණ්ඩායමකට මේ ගැටලුවට විසඳුම් ලබාදීමේ වගකීම පැවරීමටද තීරණය විය.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here