තමන් සියලු ව්‍යාපාරික කටයුතුවලින් ඉවත්වන බව ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ජනාධිපති ධුරයේ කටයුතු කෙරෙහි පූර්ණ අවධානය යොමුකිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ  ව්‍යාපාරික දිවියේ හා රාජ්‍ය පාලනයේ ගැටුමක් ඇතිවීම වැළක්වීමට මෙම තීරණය ගනු ලැබූ බවයි.

එළැඹෙන මාසයේදී සිය දරුවන් සමග එක්ව පවත්වන මාධ්‍ය හමුවකදී තමාගේ ඉදිරි සැලසුම් පිළිබඳව තවදුරටත් පැහැදිලි කිරීම් සිදුකරන බවද ට්‍රම්ප් ට්විටර් පණිවුඩ මගින් අනාවරණය කර තිබෙනවා.

ට්‍රම්ප් ඕගනයිසේෂන් නමින් ලොව පුරා ප්‍රකට සමාගම් සමූහයේ සභාපතිවරයා ලෙස ඔහු කටයුතු කරන අතර නිව්යෝර්ක් නගරයේ ඔහු සතු තට්ටු පනස් අටකින් යුතු තට්ටු නිවස හැඳින්වෙන්නේද ට්‍රම්ප් ටවර්ස් ලෙසටයි.

trumpbtrumpctrumpdtrumpf

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here