අපේ රටේ රථ වාහන ධාවනය සීඝ්‍රයෙන් වැඩිවෙලා තියෙනවා. මේ හේතුව නිසාම පාරෙ තොටේ යද්දි ලොකු රථවාහන තදබදයකුත් ඇතිවෙලා තියෙනවා. හැබැයි මේ කියන්න යන්නෙ රථ වාහන නිසා රටේ ලෝකයේ සියළුම දෙනාට පොදුවේ බලපාන විශාල ගැටළුවක් ගැන.

රථ වාහන භාවිතය වැඩි වීමත් එක්ක අපිට මුහුණ පාන්න සිදුවුනු විශාල ගැටළුවක් තමයි වායු දූෂණය කියන එක. මොකද, ශ්‍රීලංකාවේ වායු දූෂණය වැඩියෙන්ම සිදුවෙන්නේ වාහන දුම නිසයි. වාහන වලින් පිටවන විෂ දුම නිසා  මග තොටේ යන මගීන්ට මෙන්ම අනෙකුත් පුද්ගලයන්ටද විශාල ලෙස සෞඛ්‍ය ගැටළු ඇති වෙනවා. මේ ගැටළුව අද ඊයේ ආපු ගැටළුවක්නම් නෙවෙයි. 1998 අවුරුද්දෙදි තමයි පළවෙනි වතාවට ලාංකික පුරවැසියෙක් වාහන දුම නිසා පිරිසිදු වාතය හුස්ම ගැනීමට තමාට තියෙන අයිතිය උල්ලංඝනය වෙනවා කියලා මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරලා තියෙන්නෙ.

පසුව මේ නඩුව පිළිබඳව සළකා බැලූ ඉහල උසාවිය 2002 වසරේදී එම පුද්ගලයාට පක්ෂව නඩු තීන්දුවක් ලබා දෙනවා. පසුව මේ පිළිබඳව රජයේ අවධානයද යොමුකරමින් සාර්ථක විසඳුමක් ලබා දෙන්නට තීරණය කරනවා.

ඒ අනුව රජයේ පුර්ණ අධීක්ෂණය යටතේ බලයලත් වාහන දුම් පරීක්ෂණ සහතික නිකුත් කිරීම සඳහා පුද්ගලික සමාගම් දෙකකට බලය හිමි වූයේ විධිමත් ටෙන්ඩර ක්‍රියාවලියකට අනුව යමිනුයි. ඉන් අනතුරුව සෑම වාහනයකටම Green test එකක් සිදු කරගැනීම අනිවාර්ය අංගයක් බවට පත් වුනා. ඒ අනුව වාහනයේ ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතිකය මෙන්ම දුම් සහතිකයද වාහන ධාවනය කරන අවස්ථාවේ රැගෙන යාම අනිවාර්ය වුනා.

ඔබට අසනීපයක් වැළඳුන අවස්ථාවක රුධිර පරීක්ෂණයක් මගින් රෝගය හරියටම හඳුනා ගන්න පුළුවන් වගේම වාහනයේ තියෙන දෝෂ නිවැරදිවම හඳුනා ගන්න මෙවැනි දුම් පරීක්ෂණයක් සිදු කිරීමෙන් පුළුවන් වෙනවා. ඒ වගේම ඔබට යම්කිසි රෝගයක් වැළඳුනහොත් ඔබ අනිවාර්යෙන්ම යන්නෙ ඉහළම සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකු ලඟට.

එසේනම් වාහනය සම්බන්ද ගැටළු වලදීත් ඔබ යන්න ඕනෙ ඉහළම සුදුසුකම් සහිත කාර්මිකයින් ඉන්න තැනකට.එහිදි වාහනයෙන් පිටවන දුමෙහි අඩංගු සංඝටක පිළිබඳ දත්ත වලට අමතරව වාහනයේ ඉන්ධන අපතේයාම ගැන අදහසක් දුම් පරික්ෂා සහතිකයෙන් ලබා ගන්න පුලුවන්. එමගින් වාහනයේ ඉන්ධන අපතේයාම අවම කරගෙන විශාල මුදලක් ඉතිරු කරගන්න පුලුවන් වගේම වායුගෝලය සුරැකීමටද දායක වෙන්නත් පුලුවන්. තවද ඉන්ධන කාර්යක්ෂමතාවය අඩුනම් ඒ සඳහා කලයුතු දේ පිලිබඳ ඔබට විමසා සිටිය හැකි වෙනවා.

ඒ වගේම ඔබගේ රථ වාහනයන්හි දුම් පරීක්ෂාවක් සිදු කරන විට නිවැරදිම වාර්ථාවක් ලබා ගැනීමට ඔබ වඩාත් විමසිළිවත් වෙන්න වෙනවා. නිවැරදිම වාර්ථාවක් ලබා ගැනීමට නම් පරීක්ෂණය සඳහා භාවිතා කරන උපකරණ, තාක්ෂණය සහ දක්ෂ කාර්මික ශිල්පීන් සිටින තැන පිළිබඳව ඔබට වැඩි අවධානයක් යොමු කරන්න සිදු වෙනවා. ඒ වගේම අදාල දුම් පරීක්ෂණ ආයතනය ලබා ඇති තත්ව සහතිකයන් තුලින්ද ආයතනය පිළිබඳව සහ පරීක්ෂණයේ  ගුණාත්මක බව පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට හැකියාව තිබෙනවා.

2008 වසරේදී ව්‍යාපෘතිය ආරම්භ වන විට ලංකාවේ ලක්ෂ 25 ක පමණ වාහන සංඛ්‍යාවක් ධාවනය වූ අතර, 2017 වසර වන විට එය දෙගුණයක් මෙන් ඉහල ගියද, වාහන දුම් පරීක්ෂාවේ ප්‍රතිඵලයක් ලෙස වායු දූෂණයේ වැඩි වීමක් නොවීම දුම් පරීක්ෂණයේ වැදගත්කම මනාව කියා පානවා.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here