ආදරය…. සමරුන්ටනම් මේ වචනේ හුදෙක් අකුරු 04ක් පමණයි.

හැබැයි සමහරු මුළු ජීවිතයම හොයන්නේ මේ අකුරු හතරෙන්.

ආදරය සෙනෙහස කියන කාරණාවලදී සමහර මිනිස්සු හරිම සංවේදීයි.

ඒ වගේම තමයි පුංචි කාළේ අම්මාගෙන් තාත්තාගෙන් ලැබෙන ආදරය රැකවරණය හොයන්නේ අපේ ජීවිතවලට එක්වෙන අනිත් කෙනාගෙන්. එ් තමයි සැමියා හෝ බිරිඳගෙන්.

හැබැයි එහෙම බලාපොරොත්තුවන ආදරය ලැබෙන්නැති වුණාම කෙනෙක් කොච්චර අසරණ වෙනවා ඇත්ද?

අපි මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක්. මේ කතාව අපිට හමුවුණේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනෙවියගේ මුහුණු පොතෙන්.

මේ එම සටහනයි.

උරණ වූ ආදරය….

වයස අවුරුදු 30 ක් වූ ඇය තවමත් සුන්දරය
ඇය සමග පැමිණි දියණියන් දෙදෙනාද බොහෝ සුන්දරය…
ඒත් …. ඒ සියල්ලම ගිණිගත් මනසින් භියපත්ව අප ලග…
ඇය හඩ අවධි කරා…
හස්බන්ඩ් ගැහුවා…..
අපට එය ඇය පැවසීමට පෙරම එය තේරුම් ගොස් තිබිණී

මම අවුරුදු 20 දී එයාත් එක්ක යාලුවුනේ
එයාට රස්සාවක් නැති නිසා පස්සේ එයා ගංජා බිස්නස් එකක් කරා. ඒ විතරක් නොවෙයි එයත් ගංජා ගැහුවා.
මට කෙල්ලො දෙන්න බේරන්න ඕන නිසා එයාගෙන් වෙන් වෙලා දැන් මාස 6 ක් ගෙදර ඉන්නේ
එත් මිස් සමහරදා රෑට දොරකඩා ගෙන ඇවිත් මට හොදටම ගහනවා.
බිම දාලා මගේ බෙල්ල පාගනවා
මගේ ඇදුම් උනාදාලා පින්තූර අරන් යාලුවන්ට අරිනවා….ඌ මහ තිරිසනෙක්…
මගේ කෙල්ලො දෙන්නා හැම තිස්සෙම ඉන්නෙ බය බිරාන්ත වෙලා
මම මෙච්චර කලෙකට පොලීසි ගියේ නැහැ. පොලීසි ගියොත් මාව මරණවා කියපු නිසා
එත්…… ඕන එකක් වෙන්න කියලා අද මම පොලීසි ගිහින් ආවේ….
ඇය පුදුමාකාර ඉවසීමෙන්….. කලකිරීමෙන්….. ආවේගයෙන් සියල්ල මෙසේ දිග හැරියා

ඇයගේ සුන්දර මුහුණ අතර විහිදුණු පිහිපාරවල්…..
පිපිරී ගිය තොල්…
සිරැර පුරා ඇති පිළිස්සුම් තුවාල …. එකින් එක ඇය විදි වේදනාව ප්‍රකාශ කර තිබුනා

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here