මොණරාගල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි ප්‍රදේශයේ කනිටු විදුහලක දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් දැරියක් උක් වගා භූමියකට රැගෙන ගොස් අවස්ථා කිහිපයක දී දූෂණය කල එම ප්‍රදේශයේම දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියගේ පෙම්වතා බව කියැවෙන පාසල් සිසුවෙකු මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරිය සිය මිත්තනිය භාරයේ හැදී වැඩී ඇති අතර පසුගිය ජනවාරි මස දහනව වන දින දැරිය ටියුෂන් පංතියකට යන බව පවසා මෙම සැකකාර සිසුවා සමග ගොස් ඇති අතර එහිදී පලමු වරට දැරිය දූෂණයට ලක් වී ඇති බවට මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

පසුව මෙම සිසුවා විසින් පසුගිය පෙබරවාරි නව වනදාද දැරිය සමග නැවත ගොස් ඇති අතර එහිදී උක් වගා භූමියක මොවුන් රාත්‍රි අට පමන වන තුරු රැදී සිට ඇත. එහිදී ද තමාට ලිංගික අතවර සිදු වූ බව දැරිය පොලිසියට පවසා ඇත.

මේ පිළිබඳව දැරියගේ මවට තොරතුරු වාර්තා වීමත් සමග මව විසින් මොණරාගල පොලිසියට පැමිණිලි කර තිබේ. එහිදී මෙම සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිසුවිය රෝහල් ගත කර ඇත. මේ පිළිබඳ විමර්ශන මොණරාගල පොලිසිය සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here