( කරුණාකර මේ ලියලා තියන එක සම්පුර්ණයෙන් කියවන්නේ නැතුව අදහස් දැක්වීමෙන් වලකින්න. )

අම්මට සිරි, පොඩි එකෙක් උස්ස ගෙන ඉන්න බෝඩ් එක.
පොඩි කෙලි පැටික්කියන්ව විවාහ කරගන්න අවසර දෙන්නයි කියන්නේ ? :O ( ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කරන ගමන් )
ට^කන සීන් ඕයි මෙව්වා. දැන් මේ status එක කියවන මුස්ලිම් අය කියන්නේ ” මු සිංහලුන්ට පු* දෙන හු*තෙක් ” කියලා
” කෙල්ලෙක් වැඩිවියට පත්වුවා නම්, විවාහ වීමට කැමති නම්, භාරකාරයෙක් සිටි නම් – බඳින්න දෙන්නලු ???

යකෝ ලංකාවේ 18 වෙනකං බඳින්න බැහැයි කියලා තියෙන්නේ මේ රටේ සංස්කෘතිය රකින්න. ඇමරිකාව වගේ මේක වෙන්න දුන්නා නම්, තව ටික කාලෙකින් ළමයි දන්නේ නැහැ අම්මා කව්ද , තාත්තා කව්ද කියලා. ඇයි ඕයි ආතල් එකට ගහලා යයි හැම එකාම. උපදින ළමයා අනාථයි.

ඔව් ඔව් මට තේරෙනවා, ආගමේ කියලා තියන හැටියට ඒකේ වරදක් නෑ ඔහොම බඳින්න පුළුවන්. ඉතින් බං එහෙම කියලා අරාබියට ගිහින් සිංහල කොල්ලෙක් ” ලාංකිකයින් 3% ක් විතර සේවය කරන්නේ අරාබියේ. ඉතින් අපිට පන්සලක් ඉදිකරන්න දියව් ” කියලා පාරට බැස්සා නම් හම්මේ බලන්න තිබ්බා වෙන දේ. එක්කෝ ඒ සෙට් එකම එල්ලලා මරලා, නැත්තන් දස වද දීලා මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දී ලංකාවට යවයි ඔය කන්ටේනර් පෙට්ටියක් ඇතුලේ දාලා.

නිකං අරාබියට යන උන්ටත් මිට වඩා දඬුවම් දෙන එකේ මෙහෙම දේවල් නම් ලොවෙත් වෙයි.  ඉතින් ඕයි අරබිකාරයෝ මොකක්ද කියන්නේ ? මුස්ලිම් රටේ වෙනත් ආගමික පුජාස්ථාන ඉදිකිරීමට දෙන්න බෑ කියලා. ආ දැන් හැරෙමුකො ලංකාවේ පැත්තට.

ඉතින් ඕයි මේක සිංහල රටක් වෙලා මෙච්චර පල්ලි තියෙන්නේ ? ඉතින් අපිව එල්ලලා මරන්න එපැයි ?
දැන් මොකෙක් හරි එකෙක් ඇවිත් කියපං මේක සිංහල රටක් නැහැ කියලා. එහෙනං දැන් අරාබිය කොහොමද මුස්ලිම් රටක් වෙන්නේ ? ආ ඒකේ බහුතරය මුස්ලිම් නිසා මුස්ලිම් රට. ඉතින් මේකේ බහුතරය සිංහල නේ ?

ඉතින් ඕයි ආතල් එකේ මේ අපිට ඉන්න දීලා තියෙද්දී, කිසි ප්‍රශ්නයක් නැතුව ශේප් එකේ ඉද්දි, මොන හු*තකද ඕයි මේ උද්ශෝෂණ තියලා ඉල්ලන්නේ ?

ඉතින් ඔච්චරම අමාරුවක් තිබ්බා නම් වීසා එකක් හදාගෙන යන්න කියහන්කෝ අරාබියට. ඉතින් එව්වට අපිට සල්ලි නැහැ නේ කියයි.
එහෙනම් ඔය මල ඉලව් පැත්තකට දාලා සල්ලි හොයන ක්‍රමයක් ගැන හිතහන්. කන්න බොන්න හරියට නැත්තන් වැඩ පාලු කරගෙන මේ මහා පාරේ බෝඩ් උස්සන් මොන හතිලව්වක් කරනවද දෙයියනේ ?

හැම වෙලේම හිතපන් අපි මේ රටේ සුළුතරය කියලා. මාත් ආගමට ආදරෙයි. එහෙම කියලා මගේ ඇඟ පුරාම තියෙන්නේ ආගම නෙවෙයි. මොලය කියලා කොටසකුත් තියනවා.

ජාතිභේද අදාලම නෑ. මගේ දැන් ඉන්න යාලුවන්ගෙන් 85% සිංහල. උන්ට මං මුස්ලිම් කියලා අදාලත් නෑ, මට උන් සිංහල කියලා අදාලත් නෑ. උන්ගෙන් අහලා බලහන්කො මං ජිවිතේට උන්ට අපේ ආගමික දේවල් ගැන කියලා මෙහෙම කරපං එහෙම කරපං කියලා කියලා තියනවද කියලා ? ලොවෙත් නෑ. වැඩකුත් නෑ. උන් කියලත් නෑ, උන්ට වැඩකුත් නෑ. බොක්ක තමයි වටින්නේ.
මම එකෙන්ම කියන්නේ මුන්ගේ මේ බෝඩ් ඇල්ලිල්ල නම් සමස්ත මුස්ලිම් ප්‍රජාවේ මතය නෙවෙයි. මුන් තමයි එක පාරක් කිව්වේ අර ” බුදු හාමුදුරුවොත් මස් කාලා තියනවා ” කියාලා.

එදාම මේ වේ*ගේ පුතාව ගහලා එළවලා තිබ්බා නම් නිදහසේ ඉන්න තිබ්බා. කෝ කරේ නැහැනේ. මේ වගේ කාලකන්ණින්ට ඉඩ දෙනකම් කරන්නේ උන් දඟලන එක. එකෙන් වෙන්නේ ලස්සනට තියන මේ රටේ නැති යුද්ධයක් ආයේ ඉස්මතු වෙන එක.
මු කරපු වැඩේටම් ලැජ්ජයි සිරාවට. මගේ ලිස්ට් එකේ කාටහරි හිත රිදුනා නම් ගැලවිලා යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. හිත රිද්දගෙන මේක අස්සේ ඉන්න එපා. මේ මගේ හැටි.

(hamsa hanifa)

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here