නව ළමා ප්‍රඥාප්තිය ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසයි.

ඇය පවසන්නේ දැනටමත් එය කෙටුම්පත් කිරීමේ මූලික කටයුතු අවසන් කර ඇති බවයි.

එමගින් ළමුන් ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන නීති විරෝධි ක්‍රියා අවමකර ගැනීමට හැකි වනු ඇති බව චන්ද්‍රාණි බණ්ඩාර අමාත්‍යවරිය පවසයි.

මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here