අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් අනුමත කර ඇති බව මීට සුළු මොහොතකට පෙර වාර්තා විය.

යම් යම් පාර්ශවයන් විසින් ජනාධිපතිවරයාට පහර ගැසීම සදහා ලද අනගි අවස්ථාවක් ලෙස සළකමින් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියව දූෂණ විරෝධී සටනේ නායිකාවක් ලෙස අර්ථ දැක්වීමට උත්සාහ කලද, ඇයට මේ මොහොතේදී සිය තනතුරෙන් නික්ම යාමට සිදුවන්නේ “හොරු නොඇල්ලීම” පිළිබදව ගොඩනැගෙමින් පවතින දැවැන්ත මහජන විරෝධය සම්බන්ධයෙන් වූ වගකීමට ප්‍රතිචාර දක්වමින් බවත් එසේ නොමැතිව පරීක්ෂණ සදහා ජනාධිපතිවරයා බලපෑම් කිරීම යන්න සාවද්‍ය මතයක් බවත් මධ්‍යස්ථ දේශපාලන විචාරකයින්ගේ මතය වී තිබේ.

කලක සිට ඉතාමත් අලස ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති නඩු කටයුතු රැසක් හේතුවෙන් ඇය ප්‍රභල මානසික පීඩනයකින් සිට ඇති අතර ඇය විසින් කොමිසමේ අනෙකුත් සාමාජිකයින්ට සහ සේවකයින්ට සළකන ලද ආකාරය සහ කරන ලද බලපෑම් පිළිබදවද දැන් දැන් මාධ්‍ය වාර්තා පළවෙමින් ඇත.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදුවූවයැයි කියන කිසිදු බරපතළ ගනයේ වංචාවක් නිසිලෙස විමර්ශනය කර අවසන් කිරීමට සහ වැරදි කරුවන්ට දඩුවම් ලබා දීමට ඇයගේ පාලනය යටතේ අපොහොසත් වූ අතර හිටපු මහබැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් වූ බැදුම්කර නිකුතුව පිළිබද ගැටලුවේදී කිසිදු සාධනීය පියවරක් ගැනීමට අපොහොසත් වීම තුලම ඇයගේ දේශපාලන නැඹුරුතාවය පිළිබදව මහජන විරෝධයක් ඇති කිරීමට හේතු විය.

කිසිදු දේශපාලන නැඹුරුතාවයකින් තොරවූ මහා පරිමාණ දූෂණ සහ වංචා පිළිබදව අවංකව විමර්ශන පවත්වමින් නඩුපැවරීම සහ අධිකරණ ක්‍රියාවලියට දායක වීමත්,  විධායක ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයා කොමිසමේ තීරණ පිළිබදව දැනුවත් කිරීමත් නව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වගකීම වනු ඇත.

කෙසේ වුවද පුරප්පාඩු වන තනතුර සදහා කවරෙකු පත් කරන්නේද යන්න මේ වනතෙක් නිවේදනය කර නොමැත

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here