අධික ලෙස දුම්පානයට ඇබ්බැහිවූවන්ගේ ජාන විකෘති වීමේ තත්ත්වයක් පවතින බව ජාත්‍යන්තර විද්‍යාඥයන් පිරිසක් සිදුකළ පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

එමගින් පෙනහළු ෙසෙලවල වසරකදී ඇති වන විකෘතිතා සංඛ්‍යාව 150 ඉක්මවන බවයි බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු විද්‍යාඥයන් සිදුකළ එම පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම, ස්වරාලය හෙවත් අපේ හඬ උත්පාදකය, මුඛය සහ මුත්‍රාශයේ සෛලවලද ජානවල විකෘතිතාවලට දුම්පානය හේතුවන බව එහිදී හෙළි වී ඇති තවත් කරුණක්.

මෙම සොයා ගැනීම් ජර්නල් සයන්ස් නමැති ප්‍රකට විද්‍යා සගරාවේ නවතම කලාපයේ පළ වී තිබෙනවා.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here