දුම්වැටිය බැගින් අලෙවි කිරීම නතර කිරීම සඳහා පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සුදු පැහැති සිගරට් පැකට්ටු හඳුන්වා දීම ද කඩිනමින් සිදු කරන බව ය.

මේ අතර දුම්වැටි පාලනය කිරීම සඳහා වූ යෝජනා 10ක් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාර දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා වෙත එම යෝජනාවලිය භාර දුන් බව ය.

මීට අමතරව වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු වීම් සහ අභියාචානා සහ පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලේඛනය කඩනමින් සකස් කරන ලෙස ද මෙහිදී නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

එහිදී කිසිදු චෝදනාවක් එල්ල නොවන ලෙස අදාළ ලේඛන සකස් කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේ ය.

මෙම සාකච්ඡාවේදී වාර්ෂික ස්ථාන මාරු වීම් මණ්ඩල පත් කිරීම සහ වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම පිළිබඳ අවධානය යොමු වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here