රටේ මහජනතාවගේ සිත කම්පා කරවමින් මිට දින කිහිපයක සිට අබාධිත රණවිරුවන් මාරාන්තික උපවාසයක නිරතවිය. මෙහා බැඳුනු කට කතා හා මතවාදයන් බොහෝය.

අවුරුදු 12 ට අඩු සාමාන්‍ය සෙබළුන් හා 10 ට අඩු මාණ්ඩලික නිලධාරීන් මෙම උපවාසය සඳහා සහබාගි වී තිබුණි.

යුධ සමයේ අබාධිත තත්වයට පත්වීමත් ස්වාකැමැත්තෙන් සේවයෙන් විශ්‍රාම යාමටත් අවස්ථාව ලබාගත් සෙබළුන් අද මහමග තමන්ගේ ඉල්ලීම් ඉල්ලමින් උපවාසයක නිරත වීමද යම් ඛේදනීය තත්වයකි.

කෙසේ වෙතත් මෙහි සත්‍ය සිදුවීම අපි අරක්ෂය අංශ මගින්කළ ප්‍රශ්න කිරීමේදී හෙළිදරවු කර ගැනීමට හැකිවිය.

ඒ අනුව,
“වැටුප් හා පාරිතෝෂිත සංග්‍රහය අනුව ශ්‍රී ලංකා හමුදාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කරනු ලැබේ. ඒ අනුව

සාමාන්‍ය සෙබල අවුරුදු 12 ට අඩු, මාණ්ඩලික සෙබල අවුරුදු 10 ට අඩු හා සාමාන්‍ය සෙබල අවුරුදු 12 ට වැඩි, මාණ්ඩලික සෙබල අවුරුදු 10 ට වැඩි වශයෙන් වෙන් කරනු ලැබේ.

පාරිතෝෂිත හෝ වැටුප් ලබා දීම මෙහි අවුරුදු 10,12ට වැඩි සෙබළුන් සඳහා කිසිදි ගැටලුවකින් තොරව අවුරුදු 55 යනතෙක් ලබාදෙනු ඇත. ඒ අනුව වැටුප, දුබලතා විශ්‍රාම වැටුප, හා සේවා විශ්‍රාම වැටුප ලබාදෙන අතර සාමාන්‍ය සෙබල හා මාණ්ඩලික සෙබළුන් ගේ වැටුප් අගය 75,000.00 සිට 92,000.00 දක්වා හිමි වේ.

අවුරුදු 10,12 ට අඩු සෙබළුන් සඳහා වැටුපත්, දුබලතා විශ්‍රාම වැටුපත් පමණක් මෙතෙක් ගෙවූ 65,000.00 කට නොඅඩු වැටුපක් සාමාන්‍ය සෙබලකුත්අ මාණ්ඩලික සෙබළකු 80,000.00 කට නොඅඩු වටුපකටත්ර මේ වන විට හිමි කම් කියනු ලැබේ.

මෙමෙ නිලධාරි කොටසට සේවා විශ්‍රාම වැටුප නොගෙවන අතර එය කඩිනමින් ගෙවීමට ජනාධිපති තුමා නියෝග කර ඇතිබවත් සියලු කටයුතු නිමා කර ලබන අය වැයෙන් ඒ සඳහා මුදල්ද වෙන්කර ඇතිබවත් පවසන ආරක්ෂක අමාත්‍යංශ නිලධාරින් මේ සියල්ල පිටුපස අදිසි දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වන බවත් තම සොහොදර අබාධිත හමුදා නිලධාරින් ඇත්ත තතු දැන දැනම ඔවුන්ගේ අතකොලු බවට පත්වීම කනගාටුවට කරුණක් බවත් ප්‍රකාශ කර සිටියා.

තත්වය මෙලෙස පැවතියද විවිධ දේශපාලන අනාථයන්ගේ බැලයන් බවට පත් වී ඇති අබාදිත රණවිරුවන් මෙම තත්වය වටහා ගැනීම ඔබ අපගේ සියල්ලන්ගේම යහපත සඳහා බෙහෙවින්ම අගනේය….”

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here