මුහුදු යාමේදී ධීවරයින්ට කුඩා හා මධ්‍යම ප‍්‍රමාණයේ ප්ලාස්ටික් ජල බෝතල් රැගෙන යාම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

අමාත්‍යවරයා පැවසුවේ, ප්ලාස්ටික් බෝතල් හේතුවෙන් සාගර පරිසර පද්ධතියට වන හානිය අවම කිරීම සඳහා මෙම තීරණය ගත් බව ය.

ඒ අනුව ධීවරයින් ජලය ගෙන යාම සඳහා ස්ථිර භාජනයක් යොදා ගත යුතු බව ත්, ධීවර වරායන්ගෙන් බෝට්ටු පිටව යාමේදී ඒවා දැඩි ලෙස පරික්ෂාවට ලක් කිරීමේ ක‍්‍රමවේදයක් ආරම්භ කරන බව ත් අමාත්‍යවරයා පැවසී ය.

මසුන් ඇල්ලීම සඳහා දෛනිකව ධීවර යාත‍්‍රා 50,000ක් පමණ මුහුදට යන අතර ඒවායින් ප්ලාස්ටික් බෝතල් ඇතුළු ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 5ක් පමණ මුහුදට බැහැර කරන බව සමීක්ෂණවලදී හෙළිව තිබේ.

මෙලෙස බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් මුහුදු පතුලේ ඇති කොරල්පර, ජලජ පැළෑටි සහ මසුන් ඇතුළු ජලජ ජීවීන්ට දැඩි හානි සිදු වන බව සමුද්‍ර විද්‍යාඥයින් තමන්ට පෙන්වා දීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසී ය.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here