ජනමාධ්‍යවේදියෙකු ලෙස ව්‍යාජව පෙනී සිටියදී ජනාධිපති ආරක්ෂක අංශය අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු ලබන 17 වන දා දක්වා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ප්‍රවීණ සංගීතඥ, පණ්ඩිත් අමරදේවයන්ගේ අවමංගල්‍ය උත්සවයේදී මොහු අත්අඩංගුවට ගෙන තිබුණේ, කැමරාවක් අතැතිව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිටි සමීපයට පැමිණීම හේතුවෙනි.

ජනාධිපති ආරක්ෂක අංශය අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කුරුඳුවත්ත පොලීසිය වෙත ඉදිරිපත් කර තිබිණි.

සැකකරු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here