පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට ගොස් බැගෑපත් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන ලෙස ඉල්ලමින් මේ දිනවල   ඇතැම් මන්ත්‍රීවරුන්ට කෝටි ගණන් ලංසු තබා එජපායට බිලි බා ගැනීමට කටයුතු කරමින් පවතින බව වාර්තා වේ.

මේ අතර එජාපයේ අසරණ භාවය කොතෙක්ද යන්න තේරුම් යන්නේ දැන් ආණ්ඩුවේ ඇමැතිකම් ගත් ඇමැතිවරුන්ද සොයායාමට සිදුව තිබීමයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානයක, රාජිත සේනාරත්න, අකිල විරාජ්, ජෝන් අමරතුංග සහ ස්වාමිනාදන් යන ප්‍රබලයින් පිරිසක් සංචාරක හා තිරසර සංවර්ධන වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ නිවසේදී ඇමැතිවරයා හමුවූ ඡායාරූප කිහිපයක් අප වෙත ලැබී තිබේ.

මෙහිදී පැමිණි පිරිස වසන්ත සේනානායක මහතාට බැගෑපත්ව පවසා ඇත්තේ මේ අවස්ථාවේ එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ශක්තිමත් කිරීමට සහය ලබාදෙන ලෙසයි.

එහිදී අමාත්‍ය වසන්ත සේනානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ එජාප නායකත්වයට විරුද්ධව තමා ඇරඹූ අරගලය එජාපයට නව නායකත්වයක් ලැබෙනතුරු සිදුකරන බවත් එජාපය නව නායකත්වයකින් වැඩකටයුතු ආරම්භ කරන දවසට තමා කොන්දේසි විරහිතව එජාපයේ නව නායකත්වයට සහය ලබාදෙන බවත්ය.

බොරු පොරොන්දුවලට කිහිපවතාවක් රැවටුනු තමා ආයෙත් රනිල්ට රැවටෙන්නේ නැති බව වසන්ත සේනානායක මහතා දැඩිව ප්‍රකාශ කර තිබේ.

බහුතරය ලබා ගැනීමට නොහැකිව කුපිත වී සිටින මෙම එජාප නඩය පසුව වසන්ත සේනානායක ඇමැතිවරයා තර්ජනය කරමින් එජාපයේ මන්ත්‍රීවරයෙක් නම් රනිල් වික්‍රමසිංහ මහතාට අනිවාර්යයෙන් සහය දිය යුතු බව ප්‍රකාශ කර තිබේ.

නමුත් අමාත්‍ය වසන්ත සේනානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ තමා ගත් ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවයි.

එම ඡායාරූප පහතින්,

හැමෝටම දැනගන්න share කරන්න…

හැමෝටම දැනගන්න share කරන්න…

හැමෝටම දැනගන්න share කරන්න…

හැමෝටම දැනගන්න share කරන්න…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here