නීතිය උන්ගෙ බැල මෙහවර කරන්නන් සදහා එක විදිහකටත්, උන්ට එරෙහිව අරගල කරන්නන් උදෙසා තව විදිහකටත් ක්‍රියාත්මක වේ.

ජාත්‍යන්තර පොලිසිය පවා සොයන බෙදුම්වාදින්ට අවි සහා මුදල් සැපයු කේ.පි.පද්මනාදන් නැමැත්තා සතුව නොයෙක් නම් වලින් ගුවන් බලපත්‍ර ඇති බව හොදාකාරව දැන දැනත් ඔහු ලංකාව තුල නිදහසේ කටයුතු කරයි. බෙදුම්වාදි විය්‍යපාරයේ ඉහල පෙල නායකයෙකු වන කරුණ අම්මාන් එංගලන්තයේදි හොර ගමන් බල පත්‍රයක් සහිතව අත් අඩංගුවට පත් වුවද ශ්‍රි ලංකා රජය ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කලේ නැත.

මහ භාන්ඩාගාරය මහ දවල් මංකොල්ල කෑම සදහා අර්ජුන් මහෙන්ද්‍රන්ට ද්විත්ව පුරවැසිකම එක රැයින් ලබාදිමට රනිල් වික්‍රමසිංහගෙ ආන්ඩුව සමත් විය.

හිටපු ඇමති විමල් වීරවංශ හොර ගුවන් පත් සමග අත් අඩංගුවට පත් වුවද අදත් ඔහු නිදහසේ ගුවන් ගමන් වල යෙදෙන්නෙ රජය ඔහුට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග නොගැනීම නිසාවෙනි.

මේ සියල්ල ධනවාදි කදවුර නියෝජනය කරන අතර පීඩිත පංතියේ අරගල වලට නායකත්වය දෙන වාමාංශික මතදාරි කුමාර් ගුණරත්නම් පමණක් කෑගල්ල බන්ධානාගාරයේ සිරකොට නඩු විභාගය අවසානයේ රටින් පිට කිරීමට සියල්ල සුදානම් කරමින් පවති.

නිතිය යනු පාලකයන්ගේ කැමැත්ත යන්න පැහැදිලි කර ගන්නට මීට වඩා උදාහරණ අවශ්‍යද.?

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here