ශ්‍රීලනිපය හා ‍පොදුජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂ එක්ව නව පෙරමුණක් නිර්මාණය කිරීමටසියලු වැඩ කටයුතු මේ වන විට සංවිධානය වන බවට වාර්තා වේ.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය එස්.බි. දිසානායක මහතා බව පැවැසුවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුවය.

මෙම නව පෙරමුණ සඳහා ශ්‍රී ලනිපය, ‍පොදුජන එක්සත් පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ආදී පක්ෂ ඇතුළත් වන අතර වාසුදේව නානායක්කාර ඇමතිවරයාගේ යෝජනාවකට අනුව මෙය සිද්ද වන බව ඔහු පවසා සිටියා.

ජාතික ආණ්ඩුවෙන් දහසයේ කණ්ඩායම ඉවත් වී ඒකාබද්ධ විපක්ෂයට එකතු වූ විට කල යෝජනාවට අනුව මහින්ද රාජපක්ෂ ඊට අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය කමිටුවක් පත්කොට මෙම නව පෙරමුණ නිර්මාණය කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතී. එම නව පෙරමුණේ ලකුණ සමහර විට අලුත්ම ලකුණක් විය හැකි බව එස්.බි. දිසානායක අමාත්‍යවරයා පැවැසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here