විවාහක කාන්තාවක්‌ ඇයගේ සැමියා ඉදිරියේදීම දූෂණය කර එම කාන්තාවගේ හා ඇයගේ සැමියාගේ දුරකථන දෙක මංකොල්ලකෑ චූදිතයකුට හලාවත මහාධිකරණය විසින් චෝදනා තුනක්‌ සඳහා බර වැඩ සහිත වසර 20 ක සිරදඬුවම් නියම කර තිබේ.

ජනක විමලසේන නම් එම චූදිතයාට 2011 අප්‍රේල් 25 දින හෝ ආසන්න දිනයක කාන්තාවක්‌ දූෂණය කිරීම ඇයගේ කරාබු ජෝඩුවක්‌, ජංගම දුරකථනයක්‌ කොල්ලකෑම සහ එම අවස්‌ථාවේදීම ඇයගේ සැමියා ගේ ස්‌වාමීත්වයේ තිබූ ජංගම දුරකථනයක්‌ කොල්ලකෑම යනුවෙන් චෝදනා තුනක්‌ යටතේ මොහුට අධි චෝදනා තුනක්‌ ගොනු කර තිබිණි.

මෙම සිදුවීම පල්ලම වතුපොල වත්තකදී සිදු වී ඇත. අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි චූදිතයා යුද හමුදා සේවයේද නිරතව සිට තිබේ. පසුව යුද හමුදා සේවයෙන් ඉවත්ව පල්ලම වතුපොල ප්‍රදේශයේ වත්තක මුර සේවයට පැමිණ තිබේ.

කාන්තාවද අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඒ වනවිට ඇය 27 හැවිරිදිය. ඇය හා ඇයගේ සැමියා ද එම වත්තේම රැකියාව කරමින් සිට ඇත. චූදිතව වත්තේ මුර සේවයෙන් ඉවත් කිරීමේ සිද්ධියක්‌ මෙම සිදුවීම්වලට මූලික වී යෑයි චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුවන් චමින්ද ප්‍රනාන්දු මහතා අධිකරණයට කියා සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ පද්මලාල් වීරසිංහ ද සිල්වා මහතා ද කරුණු දැක්‌වීමෙන් පසු මහාධිකරණය විසින් එම නියෝගය ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here