නේපාලයේ එවරස්ට් කලාපයේ අයිස් ග්ලැසියර සහිත විශාල විලක  ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් විල් ඉවුර විනාශ කරගෙන පහත් බිම් වලට ජලය ගලා ඒමේ අවදානමක් ඇතිවීම හේතුවෙන් ජලය ඉවත් කිරීමේ මෙහෙයුමක්  ආරම්භ කර ඇතැයි එරට බලධාරීන්  පවසයි.

 

විලේ ඉවුරු බිඳ දමමින් විල් ජලය ගලා යාම සිදු වුවහොත් යටිතල පහසුකම් සහ ගොඩනැගිලි සියල්ලක්ම ජලයෙන් යටවන බවත් පහත බිම් වල ජීවත් වන ‘ශර්පා ජාතික’ ජන කොටස් එම ප්‍රදේශයෙන් ඉවත් වීමට සිදු වන බව ඔවුහු පවසති.

කාලගුණික විපර්යාසයෙන් සිදු වන හානි අවම කර ගැනීමට සහය ලබා දෙන බවට එක්සත් ජාතීන් සහ නේපාලය අතර ඇති කර ගත් එකඟතාවයේ එක් පියවරක් ලෙසයි විලේ ජල මට්ටම පහත දැමීම සඳහා පියවර ගෙන ඇති බව විදෙස්  ආරංචි  කියයි.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here