රනිල් වෙනුවෙන් පෙනී සිටින මංගල, සාගල, අකිල ප්‍රමුඛ ‘සමනල‘ පිල, රාජිත සේනාරත්නගේ පිල, චම්පික රණවකගේ පිල, සුළු පක්ෂ නායකයින්ගේ පිල, සජිත් ප්‍රේමදාස පිල සහ පසුපෙල මන්ත්‍රී පිල ලෙස එක්සත් ජාතික පෙරමුණ කැඩී වෙන් වී ඇතිබව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මෙම බෙදීම උත්සන්න වී ඇත්තේ පෙරේදා (26)රාත්‍රී අරලියගහ මන්දිරයේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී රැස්වීමේදීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයාට අයත් ටීඑන්එල් නාලිකාව මගින් හරීන් ප්‍රනාන්දු මන්ත‍්‍රීවරයාව දැඩිව විවේචනය කරමින් පදනම් විරහිත චෝදනා එල්ල කරමින් මඩ පුවත් ප්‍රචාරය කිරීම ගැන ඊයේ පැවැති රැස්වීමේදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා උණුසුම්කාරී ලෙස අදහස් දක්වා තිබේ.

“පක්ෂයේ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා පත් කළ යුතුයි. අද රටම ඉල්ලන්නේ සජිත් නිසා අනිවාර්යෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ රට ගොඩනැගි යුතුයි. මම පොලොවෙ පයගහලා ඉන්න කෙනෙක්. මං කියන්නේ ඇත්ත. මෙහෙම ගියොත් එජාපයක් නැතිවෙයි. අපි නන්නත්තාර වෙයි. මට අසත්‍ය කතා කියමින් ටීඑන්එල් නාලිකාවේ මඩ ගැහුවා. මේවාට අපේ ලොකු ලොක්කොත් හවුල් මම දන්නවා. ටීඑන්එල් එකේ සම්බන්ධය ගැන කවුරුත් දන්න ප්‍රසිද්ධ රහසක්.“ යැයි හරීන් දැඩිව ප්‍රකාශ කර තිබේ.

හරීන්ට විරෝධය පළ කරමින් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ පරිණත දේශපාලන නායකයින් ප්‍රශ්න හමුවේ හැර නොගිය බවත් තරුණ නායකයින් ප්‍රශ්න ආ සැණින් හැර යන බවත්ය‍.

“අපි නම් ප්‍රශ්න දාලා පැනලා ගියේ නෑ. කළුතරින් පැනල ගිහින් ගම්පහින් ඡන්දේ ඉල්ලුවේ නෑ. මම විපක්ෂයට යන්නේ නෑ. මරාගෙන මැරෙන්න හරි ආණ්ඩුවේ ඉන්නවා“ යැයි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ කතාවට සැර පිළිතුරුක් ලබා දුන්නේය.

මේ අතර සුළු පක්ෂ නායකයින්ද එජාපයේ ක්‍රියාකලාපය විවේචනය කරමින් කතා තිබේ. එහිදී මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වීම නිසා මුස්ලිම් කොනග්‍රසයේ ඡන්ද පදනම නැති වූ බවයි.

එහිදී රනිල් වික්‍රමසිංහ, සාගල රත්නායක, මංගල සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ කතාබහ දෙස වචනයකින් හෝ කිසිදු පිළිතුරුක් ලබා නොදී නොමැත‍.

කෙසේවෙතත් තමාට පක්ෂයේ නායකත්වය ඇතුළු වගකීම් නිසි අයුරින් පැවරුවහොත් ඕනෑම අවස්ථාවක බාර ගැනීමට සූදානම් බව සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

එම සාකච්ඡාව දුරදිග යන බව දැනගත් රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද යන්න තීරණයක් ගැනීමට කාලය ඇති බවත් ලබන 29 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විවාදයේදී සියලු දෙනා එක්ව තම බලය පෙන්වීමට කටයුතු කළ යුතු බවත්ය.

සුපුරුදු පරිදි කපටි න්‍යාය භාවිතා කරමින් පක්ෂ නායකත්වය රැක ගැනීමට මෙවරත් රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන ඇති බවත් අගමැති අපේක්ෂකයා ලෙස වෙනත් අයෙකු නම් කර පක්ෂ නායකත්වය සිය අතේ තබා ගැනීමේ සැලසුමක් ඇති බවත් දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

ඇතැම් විට මහින්ද රාජපක්ෂ මහතාගේ රජයට සහය දීමට එජාපයෙන් පිරිසක් ගියද ඔහු සිය පක්ෂ නායකත්වය රැකගැනීමට කටයුතු කරන අතර එජාප ආණ්ඩු ගොඩනැගීමට කටයුතු නොකරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here