ජර්මනිය කියන්නේ පාපන්දු ක්‍රීඩාවට බොහොම ප්‍රසිද්දිය උසුලන රටක්. ඒවගේම ජර්මනියේ ජනප්‍රියතම ක්‍රීඩාව වන්නේ පාපන්දු ක්‍රීඩාවයි.

නමුත් මේ දිනවල ක්‍රිකට් කෙරෙහි වැඩි නැඹුරු තාවයක් පෙන්නුම් කරනවා.මේ වන විට එහි ක්‍රිකට් කණ්ඩායම් 220ක් ලියාපදිංචි වී ඇති අතර, ක්‍රීඩකයන් 5000ක් පමණ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන බව විදෙස් වාර්තා සදහන් කළා.

ආසියාතික සංක්‍රමණිකයන් දහස් ගණන් ජර්මනියට පැමිණි   හේතුවෙන් එහි ක්‍රිකට් පිළිබඳ නව උද්යෝගයක් ඇති වී තිබෙන බව විද්වතුන්ගේ මතයයි.

 

විශේෂයෙන් ජර්මනියට පැමිණි ඇෆ්ගනිස්ථාන සහ පාකිස්තාන ජාතිකයන් මෙලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන බව සදහන්.

1858 වසරේ සිට ජර්මනියේ ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රියාත්මක වුවද එරට ජාතික කණ්ඩායම මෙතෙක් ප්‍රධාන පෙළේ තරඟවලට ඉදිරිපත්වීම සඳහා දස්කම් දක්වා නැහැ.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here