ආණ්ඩු මැරුවත් සමග විශාල පාර්ලිමේන්තුව කල්තබිම පිලිබදන්ව අද වන විට ලොකු කසුකුසුවක් ගොඩනැගී තියෙනවා. එ ජනපති තුමන් ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් කල බවයි. කෙසේවෙතත් මේ පිළිබඳව විවිධ මත විවිධ වූ පුද්ගලයින් පල කරන අතර නිත්‍යානුකුලව ගත් කල එය ජනපතිත ඇති බලතල අනුව සිදු කල හැක්කක් බව පැවසේ.

කෙසේවෙතත් ඊයේ දිනයේදී හිටපු කතානායක වරයා මේ පිලිබදව සජීවී මාධ්‍ය හමුවකට එක්වී මේ සිදුවීම පිලිබදව කරුණු පැහැදිලි කිරීමක් කරනු ලැබුවා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම, යළි කැඳවීම ජනාධිපතිවරයාගේ නීත්‍යානුකූල කාර්යභාරයක් වන අතර එය කිසිවෙකුට වෙනස් කළ නොහැකි බව ද හිටපු කථානායකවරයා පෙන්වා දුන්නේ ය.

පාර්ලිමේන්තු වාර අවසන් කළ මොහොතේ සිට පාර්ලිමේන්තුව නිහඬ කාල සීමාවක් විය යුතුයි. ඒ කාලය තුළ කිසිදු රැස්වීමක් කැඳවිය නොහැකි අතර, පාර්ලිමේන්තු වාර අවසන් වූ විට කථානායකවරයාට පක්ෂ නායකයින් කැඳවිය නොහැකි බව ද හිටපු කථානායකවරයා සඳහන් කළේය.

ගරු ජනාධිපතිතුමා නව අගමැතිවරයෙකු පත්කිරීම නීතියට සහ ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බව මෙහිදී පෙන්වා දුන් හිටපු කථානායක විජමු ලොකුබණ්ඩාර මහතා වර්තමානයේ සිටින්නේ එක් අග‍්‍රාමාත්‍යවරයෙක් පමණක් වන අතර මහින්ද රාජපක්ෂ මහතා එම නීත්‍යානුකූල අගමැතිවරයා බව ද පෙන්වා දුන්නේ ය.

එබැවින් නීත්‍යානුකූලව හිටපු අග‍්‍රාමාත්‍යවරයාට අරලියගහ මන්දිරයේ රැදී සිටිය නොහැකි බව ද හිටපු කථානායකවරයා සඳහන් කළේය.

නව අග‍්‍රාමාත්‍යවරයෙකු පත්කිරීම සහ පාර්ලිමේන්තුව කල් තැබීම පිළිබඳව ජාත්‍යන්තරයට අපට බලපෑම් කළ නොහැකි අතර, අපට අනන්‍ය ව්‍යවස්ථාවක් පවතින බවත්, පාර්ලිමේන්තුව කල් තැබීමෙන් ජනාධිපතිතුමා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කිසිදු හානියක් සිදු කර නොමැති බවත් විජමු ලොකුබණ්ඩාර මහතා අවධාරණය කළේය.

නොදන්නා අයට දැනගන්න අනිවාර්යෙන්ම share කරන්න…

නොදන්නා අයට දැනගන්න අනිවාර්යෙන්ම share කරන්න…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here