පූර්ණ ආබාධිත තත්ත්වයට පත් හමුදා සාමාජිකයන් පිරිසක් ඊයේ උදෑසන කොටුව දුම්රියපල ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. ඒ සේවා කාලය වසර 12 ට අඩු විවිධ වෛද්‍ය හේතුන් මත විශ‍්‍රාම යාමට සිදුවූ තමන්ට විශ‍්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින්.

කොටුව දුම්රියපල ඉදිරිපිට පැවති මෙම විරෝධතාවට පූර්ණ ලෙස ආබාධිත තත්ත්වයට පත්ව සිටින හමුදා සාමාජිකයන් පිරිසක් එක්වී සිටියා

ඔවුන්ගේ විරෝධතාවය අද (26) දිනයේදීත් තවමත් පැවැත්වෙන බවයි අප වාර්තාකරු සඳහන් කලේ. මේ හේතුවෙන් කොළඹ ඕල්කට් මාවත දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here