හෂිනි වාසනා දැරිය ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගෙන් කල ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස එතුමාගේ මග පෙන්වීම මත ඉදිකළ නිවස එම දැරියට හා දෙමව්පියන්ට පරිත්‍යාග කිරීම ජනපති දියණිය චතුරිකා සිරිසේන මහත්මියගේ අතින් අද (29) දින පොලොන්නරුව කළුකැලේ ප්‍රදේශයේදී සිදු කෙරුනා.

පොලොන්නරුව කළුකැලේ ප්‍රදේශයේ ජීවත්වන හෂිනි වාසනා සෙව්වන්දි දැරිය තම දක්ෂතාවය විදහා දක්වමින් රචනා කල “ පුංචි අපේ කැදැල්ල” කෘතිය උතුරු මැද පළාත් පොත් සංගමය සංවිධානය කල තරඟයෙන් ප්‍රථම ස්ථානය ලැබූ අතර කොළඹ ළමා පොත් සංගමය සංවිධානය කල තරඟයෙන් එය තෙවන ස්ථානය ලැබීය.

ඒ අනුව මෙම දැරියට පින්ලන්තයේ පැවැත්වෙන තරගාවලියකට ආරාධනා ලැබෙන නමුත් පවතින ආර්ථික අසීරුතාවයන් හමුවේ ඇයට එයට සහභාගී වීමට නොලැබෙන්නේ සංචාරයට අවශ්‍ය මුදල් සොයා ගැනීමට නොහැකි වන බැවිනි.

කෙසේ වෙතත් ගරු ජනාධිපතිතුමන්ට මෙම කෘතිය පිරිනැමීමේ අවස්ථාවක් 2016 ජනවාරි මස පළමුවැනිදා හෂිනි වාසනා දැරියට ලැබුණු අතර ඇයගේ වාසනාව එදින ඇයට හිමිවන්නේ ජනපතිතුමන් “දැන් පුතාට මගෙන් මොනවද ඕනෑ” යැයි විමසු විටයි.

ඇය එහිදී ජනපතිතුමන්ගෙන් ඉල්ලා සිටිනේ තමන්ට අධ්‍යාපනය ලැබීමට සුදුසු පරිසරයක් නිර්මාණය කර දෙන ලෙසටයි. දැඩි ආර්ථික අපහසුතාවලින් පෙලෙන දැරියගේ දෙමාපියන්ට ඒ වන විටත් හරි හමන් නිවසක් නොතිබුන අතර පැවති නිවස තුල අධ්‍යාපනය තබා ජීවත් වීමද අපහසු තත්වයක පැවතිනි.

වහාම ක්‍රියාත්මක වූ ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හෂිනි දැරියගේ ඉල්ලීම ඉටුකරමින් ඇයට නිවසක් තනා දීමට කටයුතු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජනපතිතුමාගේ මෙහෙයවීම මත 2016 මැයි මස 04 වන දින ජනපති දියනිය චතුරිකා සිරිසේන මහත්මිය විසින් නව නිවස තැනීමට පොලොන්නරුව කළුකැලේ අංක 476 ස්ථානයේ මුල් ගල තැබීම සිදු කල අතර එහි වැඩ කටයුතු ඉතා කඩිනමින් සිදුකර 2016 ඔක්තෝම්බර් මාසය වන විට මාස හයක කාලසීමාවක් තුල ඉදිකිරීම් නිම කොට අද දින හෂිනි දියණියට හා ඇගේ දෙමාපියන්ට පරිත්‍යාග කිරීම සිදු කරනු ලැබීය.

මෙම උතුම් සත් ක්‍රියාව වෙනුවෙන් හෂිනි වාසනා දැරිය හා ඇයගේ මව වන ප්‍රියංගිකා කුමාරි හා පියා සුජිත් රෝහණ හා ප්‍රදේශවාසින් සියලුදෙනාම ජනපති තුමන්ට හා මෙයට උපකාර කල සියලු දෙනාට හද පිරි සතුටින් සිය කෘතඥාතාවය පල කලෝය.

b01a9289-768x420 b01a9294-768x491 b01a9295-768x484 b01a9339-768x408 b01a9349-copy-768x512 b01a9357-768x566 b01a9409-768x377 b01a9461-768x557 b01a9474-768x530

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here